සමගි බල පා ගමනේ දෙවැනි දිනය වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාට මෙන්ම කැබිනට් මණ්ඩලයට ඉවත් වන ලෙස දන්වා ඇති බව සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්රධානී පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දු මහතා පැවසීය.
කෙසේ වෙතත් ෆේල් වුණු ජනාධිපතිවරයාද ඉවත්ව යා යුතු බව ජන පීඩකයන් එළවන සමගි බල පා ගමනේ දෙවැනි දිනයට අද (27දා) එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දු මහතා,
“මේ ගමනේ දෙවැනි දවස වෙනකොටම මේ ආණඩුවේ ජනාධිපතිවරයා තමන්ගේ මයිනා සහෝදරයාටත්, කිරි බබා කැබිනට් එකටත් යන දෙකටම ගෙදර යන්න කියලා. අපි මුල ඉදලම මේ ඇස් බැන්දුම ගැන කිව්වා කිරි බබාලා ටිකක් ඉස්සරහට දාලා මේ රට තවත් විනාශට ගේන යනවා කියලා.
තවමත් බේරෙන්න උත්සහ කරන්න රාජපක්ෂ දෙදෙනාටම, පවුලටම කියන්නේ ඔවුන් නැති ආණ්ඩුවකට තමයි අපි එකතු වෙන්නේ. අපි මේ ගැන දැනුම් දෙනවා අපේ නායකතුමා සාකච්ඡා කළාට පස්සේ.
කෙසේ වෙතත් මේ වෙලාවේ කියන්න පුලුවන් වෙන්නේ කිරි බබා කැබිනට් එකත්, මයිනා වන අයියාවත් ඉවත් කරන්න යනවා තමන් බේර ගන්න. ඒත් අපි ඔයත් එපා සර්. ඔයත් යන්න ඕනී. සර් ෆේල් කියලා මතක් කරලා දෙනවා.”යනුවෙන් සඳහන් කළේය.
