ආපනශාලා හිමිකරුවන්ට තම ආහාර පානවල මිල තිරණය කිරිමට අවස්ථාව ලබාදුන් බව ආපනශාලා හිමිකරුවන්ගේ අසේල සම්පත් මහතා ප්රකාශ කරයි.
ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් ආහාර පාන සඳහා මිල ගණන් තම සංගමයට තීරණයක් ගැනිමට නොහැකි හෙයින් එම මිල ගණන් ඔවුන්ටම තිරණය කිරීමට අවස්ථාව දුන් බව ඔහු පැවැසීය.
මේ අනුව ප්ලේන්ටිය, කොන්තුව හා කෑම පාර්සලයේ සිට සියලුම දෑ වල මිල ඉහළ යනු ඇති බව ඔහු ප්රකාශ කළේය.
ගෑස් අර්බුදය හේතුවෙන් මේ වන විට ලක්ෂ 5කට අධික පිරිසකට රැකියා අහිමි වි ඇති බවත් හෝටල් සියයට 50ක් පමණ වැසී ඇති බවත් ඔහු ප්රකාශ කළේය.
ගෑස් මිල ඉහළ දැමීමට සමගාමීව ලිට්රෝ සමාගමේ සභාපතිවරයා ඇතුළු සියලු දෙනා තම දීමනාවලින් සියයට 75ක් ඉවත් කර ගැනීමට කටයුුතු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.