ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය ඇතුලු දූත පිරිස යාපනයේදී ඊයේ (26දා) යුද සමයේදී වලදමන ලද බිම්බෝම්බ ඉවත්කිරීමේ කටයුතු පිළිබඳ සොයා බැලීමට මුහමාලෙයි ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මුහමාලෙයි ප්‍රදේශයේ ඇමරිකානු මූල්‍යාධාර මත බිම්බෝම්බ ඉවත් කිරීමේ රාජ්‍ය නොවන සංවිධානයක් වූ ඩෑෂ් සංවිධානය විසින් ඉවත් කරන, යුදසමයේදී වලදමන ලද බිම්බෝම්බ ඉවත් කිරීමේ වත්මන් තත්වය පිළිබඳව සොයා බැලීම සඳහා ගිය ඇමරිකානු තානාපතිනිය විසින් එහි බිම්බෝම්බ ඉවත්කිරිමේ රාජකාරියේ නිරත නිලධාරීන් සමග සාකච්ඡාවක නිරත වුවාය.
එම සාකච්ඡාවෙන් අනතුරුව ඇමරිකානු තානාපතිනිය බිම්බෝම්බ ඉවත්කෙරෙන ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවකද නිරත වූ අතර එහිදී වලදමා තිබියදී සොයාගත් බිම්බෝම්බ හා මරඋගුල් ප්රදර්ශනයක්ද ඉදිරිපත් කිරීමට එහි නිලධාරීන් පියවර ගෙන තිබුණි.
මුහමාලෙයි ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු කඩිනම් කිරීමටත් බිම්බෝම්බවලින් තොර ප්‍රදේශයක් කිරීමට අවශ්‍ය උපදෙස්ද එහිදී ඇමරිකානු තානාපතිනිය විසින් අදාල නිලධාරීන්ට දෙනු ලැබුවාය.

