74 වසරක සාපය නිමා කරමු ජන පීඩිත ආණ්ඩුව පන්නමු යනුවෙන් සංවිධානය කර තිබු භික්ෂු මහා සත්‍යග්‍රහය ඊයේ (26දා) සවස බදුල්ල නගරයේදි පැවැත්විණි.
දිසත්‍රික්කයේ විහාරස්ථාන වලින් වැඩම කළ සියයකට අධික මහා සංඝරත්නය මුතියංගන රාජ මහා විහාරයේ සිට පා ගමනින් බදුල්ල බස් නැවතුම්පොළ අසළට වැඩම කරවා දැල්වු ඉටිපන්දමක් අතැතිව පැයක පමණ කාලයක් සත්‍යග්‍රහනයට එක්වුහ.
ජාතික භික්ෂු පෙරමුණ සහ බදුල්ල භික්ෂු එකමුතුව විසින් සංවිධානය කළ සත්‍යග්‍රහයට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න මහතා ඇතුලු පාක්ෂිකයින් එක්විය.
ලුණුගල ප්‍රසන්න පත්මසිරි

