දිගු කාලයකට පසුව දඹුල්ල සහ ඒ අවට පොහොර අලෙවි කරන වෙළෙඳ සැල් සඳහා පෞද්ගලික සමාගම් කීපයකින් යූරියා පොහොර වෙළඳපලට ලැබී ඇති අතර කිලෝ 50ක එක මිටියක් රුපියල් 40,000 ක මුදලකට අලෙවි කිරීමට සිදුව ඇති බව පොහොර අලෙවි කරන වෙළෙන්දෝ පවසති.
දඹුල්ල සහ ඒ අවට ප්‍රදේශවල මෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශ වල යූරියා පොහොර මාස කීපයක සිට දැඩි හිගයක් පැවතිණි. ස්ථාන කිහිපයක යූුරියා පොහොර තැන තැන හොර රහසේ වැඩි ගණන් යටතේ අලෙවි වන්නට වූහ.
කෙසේ වෙතත් අද (27දා) දහවල් දඹුල්ල සහ ඒ අවට පෞද්ගලික පොහොර වෙළඳසැල් කීපයකට සීමිත යූරියා පොහොර තොග ලැබී තිබුණු අතර කිලෝ 50ක මිටියක් රුපියල් හතළිස් 40,000 ක මුදලකට අලෙවි කරන ලෙස පොහොර බෙදාහරින පෞද්ගලික සමාගම් විසින් වෙළඳසැල් හිමියන් ට දැනුම් දී තිබේ.
පොහොර අලෙවි කරන වෙළෙඳ සැල් හිමියන් කියා සිටියේ අත්පිට මුදලට පොහොර ලබාදීම සිදු කෙරෙන බවත් විශාල මුදලක් පොහොර තොග ලබා ගැනීමට වියදම් වන නිසා ඉතා සීමිත පොහොර ප්‍රමාණයක් පමණක් ලබාගන්නා බවය.
පොහොර මිල දී ගැනීමට පැමිණෙන ගොවීන් කිලෝ 50 ක මිටියක් රුපියල් හතලිස් දහසක් පමණ වන බව ඇසූ පමණින් නැවතත් ඔවුන් පොහොර මිලදී ගැනීම්කින් තොරව පිටත්ව යන ඉතා දුක්මුසු පුවත් දැක ගැනීමට හැකි වූ බව පොහොර අලෙවි කරන ව්යාපාරයකයෝ පවසති.
මේ දිනවල දේශීය ලොකු ලූණු වගාව මෙන්ම අත්‍යවශ්‍ය එළවළු වර්ග රැසක් වගා ආරම්භ වී තිබෙන අතර වී ගොවිතැන සඳහා ද යූරියා පොහොර අවැසිම මොහොත මේ බව ගොවීන් පෙන්වා දෙති.
එහෙත් රුපියල් 40000 ක් වැනි මුදලකට පොහොර රැගෙන ගොස් වගා කිරීමේදී ඊට සරිලන අස්වනු සඳහා මිලක් නොලැබෙන බවද ගොවීහු පෙන්වා දෙති රසායනික පොහොර නැවත ගොවීන්ට ලබා දෙන බවට රජය පසුගියදා ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා කළ ප්‍රකාශයත් සමග වැඩි මිල ගණන් යටතේ පොහොර පෞද්ගලික සමාගම් විසින් වෙළඳපලට නිකුත් කිරීම් ආරම්භ කොට ඇතැයි ගොවීහු පෙන්වා දෙති.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා මෙන්ම මහවැලි අධිකාරිය හරහා ගොවීන්ට ලබා දෙන සහනාධාර පොහොර ලබා දෙන බවට රජය ප්‍රකාශ කළ ද මෙතෙක් ගොවීන්ට නොමිලේ රසායනික පොහොර ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක නොවන බව ගොවීහු පෙන්වා දෙති
යූරියා පොහොර කිලෝ ග්‍රෑම් 50ක් මිටියක් රුපියල් හතළිස් හතලිස් දහසක මිලකට අලෙවි වෙද්දි සාමාන්‍යයෙන් යුරියා කිලෝ එකක මිල රුපියල් අටසීයක් පමණ වන බවත් ගොවීන් පවසති.
රුපියල් 350 ක් වැනි අඩු මුදලකිකට කිලෝ 50 ක පොහොර මිටිය ලබාගත් ගොවීන්ට යුරියා එක කිලෝවක් මිලදී ගැනීමට රුපියල් 800ක මුදලක් වියදම් වන බව ද ගොවීන් වැඩිදුරටත් පෙන්වා දෙති.