තමන් ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් නමුත් රට අස්ථාවර වීම වැළැක්වීම වෙනුවෙන් ගන්නා පියවර කුමක්ද යන්න පිළිබඳව සඳහන් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.
ඕමල්ලේ සෝභිත හිමියන් හා ඇතුළු ස්වාමීන් වහන්සේලා පිරිසක් සමග පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
මෙම හමුව ඊයේ (26දා) පැවැති අතර ඒ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සෝභිත හිමියන්,
“අගමැතිතුමා කිව්වා ‘මා ඉල්ලා අස්වෙන්නම්, ඉල්ලා අස්වෙන්න සූදානම්, ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. ඉල්ලා අස්වීමෙන් පසුව ඇතිවන හිඩැස පිරවීමට කල් ගතවීමෙන් රටට රාජ්‍ය පාලනයක් නැතිවෙනවා. මෙන්න මේ වැකුම් එක හෙවත් හිස්තැන පුරවන්න කොච්චර කල් යනවද? ඒ කාලසීමාව තුළ රට සම්පූර්ණයෙන් අරාජික වෙනවා’ කියලා.
අපි කිව්වා ජනාධිපතිවරයාට තියෙන විධායක බලතල යටතේ රටේ පරිපාලනය මෙහෙයවා ගන්න පුළුවන් කියලා.
අගමැතිතුමා දිගින් දිගටම කිව්වා ‘ජනාධිපතිතුමාගේ බලතල යටතේ රට පවත්වන්න බෑ අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන අමාත්‍ය මණ්ඩලය ඉවත්වන විට රට අස්ථාවර වෙනවා. රට අස්ථාවර වුණොත් මේ තියෙන තත්ත්වය භීෂණයක් බවට පත්වෙයි එවිට තවත් අර් බුද පහළ වෙයි. ’ කියලා කිව්වා.
ඒ නිසා ‘මා ඉල්ලා අස්වෙනවා කිසිම සැකයක් නෑ ඒකාන්තයි. පාර්ලිමෙන්තුවේ අනෙකුත් සියලු පක්ෂ එකතුකරගෙන ඊළඟ පියවර තබන හැටි ස්ථිරවම තීරණය කරන්න’ කිව්වා.
ඒ කියන්නේ අග්රාමාත්යවරයෙනක් පත්කිරීම ගැන ඒක මතික තීරණයකට එන්න කිව්වා. ඒ කියන්නේ අග්රාමාතයවරයා කවුද? අග්‍රාමාත්‍යවරයා පත්කරන ආකාරය මොකක්ද? කියලා ඒකමතිකත්වයට එන්න එතකොට පදවියෙන් ඉවත්වෙන්න සූදානම් කියලයි එතුමා කිව්වේ.
අපි මේක මහානායකවරුන් සමග සාකච්ඡා කරලා. පක්ෂ නායකයන්ගේ එකමුතුවක් හදාගෙන මේ සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් පක්ෂ නායකයන්ගේ වගකීම පෙරමුණුකරගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා” යනුවෙන් පැවසූහ.

