ගොවින්ට වගාවන්ට පොහොර ඇතුළු අවශ්‍ය දෑ ලබා දෙන්නැයි බල කරමින් පුත්තලම හා ඉගිනිමිටිය ප්‍රදේශීය වාරි මාර්ග කාර්යාල වල හා පුත්තලම වාරි මාර්ග අධ්යක්ෂ කාර්යාල වල නිළධාරින් පිරිසක් අද (27දා) පුත්තලම නගරයේදී විරෝධතාවක නිරත වුහ.
මෙම විරෝධතාව සදහා 200 කට ආසන්න වාරි මාර්ග ඉංජිනේරුවරුන්,සහකාර ඉංජීනේරුවරුන් ,කළමණාකර සහකාර ,කේෂත්ර සහකාර හා කම්කරුවන් මෙම විරෝධතා එක්ව තිබුණි.
විරෝධතාවයට පුත්තලම වාරි මාර්ග අධ්යක්ෂ කේ.සුබ්‍රමනියන් මහතා ද මෙම විරෝධතාවයට එක්වි තිබිම විශේෂීත විය.
පුත්තලම වාරි මාර්ග කාර්යාලය අසලින් ආරම්භ වු මෙම විරෝධතාවය පා ගමනින් පුත්තලම නගරය දක්වා ගමන් කර බස් නැවතුම ඉදිරිපිට පැවැත්විණි.
මෙහිදි වාරි මාර්ග නිළධාරින් පවසා සිටියේ ගොවින්ට පොහොර ලබා නොදිම හේතුවෙන් මේ වන විට ඉදිරියෙදී දැවැන්ත ආහාර හිගයක් රජය නිර්මාණය කර ඇති බවයි.
ඒ හේතුවෙන් මෙම තත්වයට වගකිව යුතු රජය ඉවත් විම අනිවාර්ය බවත් ඒ සමගම වි වගාවට අවශ්‍ය පොහොර කඩිනමින් ලබා දෙන්නැයි බල කරමින් මෙසේ විරෝධතාවයෙ නිරත වන්නට විය.


