චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනාව පරිදි , එරට දියුණුව සහ සංවර්ධනය දැක බලා ගැනීම සදහා ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු ශ්‍රී ලාංකික නියෝජිතයන් 29 දෙනෙකු සිය දින 10 ක සංචාරය නිමා කර 06/19 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
රුපියල් කෝටි නමයකට අධික තැන්පතු සහිත සැක කටයුතු බැංකු ගිණුම් 16ක් පවත්වාගෙන ගියේ යැයි කියන හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු ඔහුගේ පවුලේ හයදෙනෙකුට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ කොළඹ මහාධිකරණයේ නඩු පවරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මියට ඊයේ (19) දැනුම් දුන්නේය.
Read Moreවන ජීවීන්ගෙන් ආහාර නිෂ්පාදනයට (කෘෂිකර්මාන්ත හා වැවිලි අංශය) සිදුවන හානිය විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ කළමනාකරණය හා පාලනය සඳහා තිරසර විසඳුම් සෙවීම හා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, රජයේ නිලධාරින්ගෙන් සහ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති අතර, එහි පළමු රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
Read More2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත යටතේ ක්‍රියාත්මක මුද්දර බදු පනතේ 3 වන වගන්තිය මගින් මුද්දර ගාස්තු ඉහළ දැමීම සඳහා ප්‍රකාශයට පත්කළ නියෝගයකට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි විය. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
Read Moreමෙවර කන්ද උඩරට අසල පෙරහර මංගල්යයජූලි මස 25 වැනි දින සිට අගෝස්තු මස 09 වැනි දින දක්වා පැවැත්වෙන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.
Read Moreතඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ කෙසෙල් මිල යළිත් දැඩි ලෙස පහත වැටී ඇති බව ගොවීහු පවසති. රාජාංගනය, ගල්නෑව, තලාව, එප්පාවල, තඹුත්තේගම, බුල්නෑව ආදි ප්‍රදේශ ආශ්රිත කෙසෙල් අස්වනු ආර්ථික මධ්‍යස්ථානය වෙත ගෙන එන කෙසෙල් සදහා නිසි මිළක් නොලැඹෙන බව ගොවීහු පවසති.
Read Moreපැමිණිල්ලේ සාක්ෂිකරුවන් 28 දෙනෙක් සාකෂි ලබාදී අවසන් - පැමිණිල්ලේ තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකු සාක්ෂි ලබාදීම ජුනි 26න් පසුව වගඋත්තරකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සාක්ෂි ලැයිස්තුවේ සාක්ෂිකරුවන් කැඳවීම 23 වැනි සඳුදා සිට වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් සාක්ෂි ලබාදීමට සාක්ෂිකරුවන් 15 දෙනෙක්
Read Moreනව සේවා ගිවිසුමක් යටතේ ගෘහස්ථ නොවන රැකියා සඳහා ස්වයං මාර්ගයෙන් විදේශ ගතවීමේදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමට පෙර එම රැකියා ගිවිසුම අදාළ රටෙහි ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලයේ සහතික කිරීම අනිවාර්ය කරමින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මීට පෙර පැනවූ නීතිය පහත පරිදි සංශෝධනය කිරීමට කාර්යාංශය පියවර ගෙන තිබේ.
Read Moreඅපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා 2025.06.18 දින සිය සහතිකය සටහන් කළේය.
Read Moreහලාවත නගරසභා මංගල රැස්වීමේදී එහි නගරාධිපති ලෙස ජාතික ජනබල වේගය නියෝජනය කළ ජයසූරිය කුරණගේ සුමේද නික්ලස් සඳරුවන් පෙරේරා අද තේරී පත්විය.
Read More2011 වසරේදී උතුරුමැද පළාත් සභාව රුපියල් කෝටි 117ක අධි ඇස්තමේන්තුවක් මත මාර්ග 53ක් ප්‍රතිසංස්කරණය කරලා - කෝපා කමිටුවේදී හෙළි වෙයි එකම මාර්ගය රු. මිලියන 5ට අඩු ව්‍යාපෘති ගණනාවකට වෙන් කරලා - මාර්ග 53ක් ව්‍යාපෘති 741කට බෙදා කොන්ත්‍රාත් ලබාදීලා ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීතිවිරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට රුපියල් මිලියන 2934ක් වටිනා ව්‍යාපෘති 629ක් (පාරවල් 42ක්) ලබාදී ඇති බවත් හෙළිවෙයි
Read Moreසංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය සඳහා වන තරගය මීට සුළු මොහොතකට පෙර අවසන් විය.
Read Moreඅල්ලස් කොමිෂම විසින් ඊයේ දිනයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇප කොන්දේසි සපුරාගත නොහැකිව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ හා ඔවුන් දෙදෙනාගේ දියණියක් අද දිනයේදී ඇප කොන්දේසි සැපරීමෙන් අනතුරුව මුදා හරිනු ලැබීය.
Read Moreඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසල මංගල්‍යය ජූනි 26 සිට ජූලි 10 වෙනි දින දක්වා පැවැත්වේ.
Read Moreගාල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනවල ගැවසෙන සුනඛයින්ට කෑම දැමීම වහාම නතර කරන ලෙස දැනුම් දෙමින් දිස්ත්‍රික් ලේකම්වරයාගේ අත්සනින් යුතුව චක්‍රලේඛයක් නිකුත් කිරීමට ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය මෙහෙයුම් කමිටුවේ දී තීරණය කෙරිණි.
Read Moreබිබිල නගරයේ මහියංගනය සහ මඩකලපුව මාර්ග සම්බන්ධ කරන මංසන්ධිය අසලදී (18) වෙනිදා බීමත්ව වෑන් රථයක් පැදවූ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreසංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු පැතුම් නිශ්ශංක සිය ටෙස්ට් දිවියේ තෙවැනි ශතකය වාර්තා කිරීමට සමත්විය.
Read Moreහැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එළඹෙන 26 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, ඔහුව අද (19) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
Read Moreඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුධ ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ තේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වෙමින් තිබෙන බවත් මේ හේතුවෙන් තේ කර්මාන්තය දැඩි අවදානම් තත්ත්වයක පවතින බව රත්නපුර දිස්ත්‍රික්කයේ තේ කර්මාන්තශාලා හිමියන් පවසයි.
Read Moreඊශ්‍රායලයේ ටෙල් අවිව් රෝහලේ තමා බලාගන්නා වැඩිහිටියෙකු සමඟ Beersheva Soreka hospital සිටි ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක වන ඉරෝශිකා චතුරංගනී මහත්මිය අද දින රෝහල ආසන්නයට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බව ඊශ්‍රා යෙලයේ ශ්‍රි ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.
Read Moreදුම්රිය නියාමකවරුන් අද මධ්‍යම රාත්‍රී සිට වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. උසස්වීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කිරීමට නියමිතය.
Read Moreඋසාවිය මගින් දඩුවම් ලැබූ අයවළුන්ගෙ පවා වැඩ තහනම් නොකර, ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ පමණක් හදිසියේ වැඩ තහනම් කිරීම තුල පැහැදිලිවම පෙනී යන්නේ, පලිගැනීමක් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කලේය.
Read Moreමහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස උසස් කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිව ඇත.
Read Moreපොල් වගාව ආශ්‍රිතව පැතිර යන සුදු මැස්සා රෝගය හා පොල් කෘමි හානි මර්දනය කිරීම සඳහා ඉන්දුනීසියාව භාවිත කරන ක්‍රමවේද භාවිත කිරීමට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
Read Moreමෙරට පෙර පාසල් දරුවන් අතර දිනකට නිර්දේශිත ප්‍රමාණය මෙන් හතර ගුණයක් සීනි පරිභෝජනය කෙරෙන බවත් එසේම පෙර පාසල් දරුවන්ගෙන් 60%ක් පමණ පැණි බීම පරිභෝජනය කරන බවත් සෞඛ්‍යට අදාල චර්යා රටා පිළිබඳ අධ්‍යයනයකදී අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
Read Moreසේවක අයවැය දීමනා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් අදාළ පනත් කෙටුම්පත විිශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ සහ ජනමත විචාරණයක් මගින් සම්මත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම් හතරක විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දු කතානායකවරයාට යොමු කරන බව අද (18) දැනුම් දුන්නේය.
Read Moreමාතර,වැලිගමW15හෝටලය අසලදී වෙඩි වැදීමෙන් පසු කොළඹ බලා යෑම මිස තුවාල කරුවන් ගැන බැලීමට වෑන් රථයේ පැමිණි කිසිවෙකුට අවශ්‍යතාවයක් නොතිබූ බව අද (18දා) අනාවරණය විය.
Read Moreබස් රථ සඳහා මාර්ග අවසර පත්‍ර(Route Permits) ලබා දීම පසුගිය අවුරුදු 25ක පමණ කාලය තුළ දූෂිත සහ මාෆියා ආකාරයෙන් සිදුව ඇති බවත්, මාර්ග අවසර පත්‍ර ලබා දීම ගැන විගණනයක් සිදුකරන බවත් සභානායක, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
Read Moreරන්භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තරුණයකුට අමානුෂික ලෙස පහරදී ලිංගික අතවර කිරීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට වගකිව යුතු ඌරුගස්මන්හංදිය පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාට සහ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාට සිය පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ 10 බැගින් අදාළ තරුණයාට වන්දි ගෙවීමට අද (18) නියෝග කළේය.
Read Moreඑංගලන්තයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන ඒළඹෙන වසරේ (2026) විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන එළි දක්වා ඇත. ඒ අනුව තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව හා සත්කාරක එංගලන්තය අතර එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී එළඹෙන 2026 වසරේ ජූනි 12 වැනිදා පැවැත්වෙනු ඇත. තරගාවලිය ජූලි 05 වැනිදා දක්වා පැවැත්වේ.
Read More