බදුල්ල කොළඹ මාර්ගය සම්පූර්ණයෙන් විවෘතයි
හල්දුම්මුල්ල නගරයේ ආසන්නයේ මාර්ගයේ ඉහළීන් පිහිටි පස් කන්දක් කඩා වැටීමෙන් අවහිර වූ බදුල්ල කොළඹ ප්රධාන මාර්ගය අද (25) උදෑසන වන විට යථා තත්වයට පත්කර වාහන ගමනාගමනය සදහා විවෘත කිරීමට කටයුතු කල බව මාර්ග සංවර්ධන අධිකාරියේ බණ්ඩාරවෙල විධායක ඉංජිනේරුවරයා පැවසීය.
බදුල්ල කොළඹ ප්රධාන මාර්ගයේ හල්දුම්මුල්ල නගරයේ ආසන්නයේ 179/3 සහ 179/4 බෝක්කු අතර,පිහිටි කදිරේෂන් කාණුව අසළ ප්රදේශයේ පිහිටි පස් කන්දක් ගල් කුලක්ද සමග කඩා වැටීමෙන් ඊයේ (24) සවස මාර්ගය මුළුමනින්ම අවහිර විය.
පස් කන්ද කඩා වැටීමෙන් පසුව ඊයේ (24) දිනයේම මාර්ගයේ එක් මන් තීරුවක් පස් ඉවත්කර වාහන ගමනාගමනය සඳහා විවෘත කලේය.
පස් කන්ද කඩා වැටුණු ස්ථානයට ඉහළින් පිහිටි කොටසේ ඇද පහලට ඇද වැටේයැයි සැක සහිත ගල් කුළු කිහිපයක් ඇති බැවින් වර්ෂාව ඇදහැලුනොත් රාත්රී කාලයේදී යළි මාර්ගයේ ගමනාගමනය එක් මන් තීරුවකට සීමා කිරීමට සිදුවන බවද හෙතෙම සඳහන් කළේය.
එන්.කේ. නානායක්කාර

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

