තමා අප්‍රේල් මාසයේදී චීනයේ නිල සංචාරයකට එක්වන බවත් ලබන වසර අගදී චීන ජනාධිපති ෂී ජින් පිං ඇමෙරිකාවේ නිල සංචාරයක් සඳහා එක්වන බවත් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.
ඇමෙරිකානු ජනපති හා චීන ජනපති අතර ඊයේ පැවැති දුරකනතන ඇමතුමකින් අනතුරුව ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා මේ බව ප්‍රකාශ කළේය.
"චීනය සමඟ අපගේ සම්බන්ධතාවය අතිශයින්ම ශක්තිමත්!" ට්‍රම්ප් සිය Truth සමාජ මාධ්‍ය ගිණුමේ සටහන් කළේය. "දැන් අපට විශාල පින්තූරය කෙරෙහි අපගේ අවධානය යොමු කළ හැකියි. ඒ සඳහා, ජනාධිපති ෂී මට අප්‍රේල් මාසයේදී බීජිං වෙත පැමිණෙන ලෙස ආරාධනා කළ අතර, එය මම පිළිගතා. වසර අගදී එක්සත් ජනපදයේ රාජ්‍ය සංචාරයක් සඳහා ඔහුට මම ආරාධනා කළා" යැයි ට්‍රම්ප් වැඩිදුරටත් නිවේදනය කළේය.
