saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 445 hours ago

LATEST

ඊශ්‍රායලයේ හා ඉරානයේ ලාංකිකයින් පිළිබඳ නිරන්තර අවධානය

calendar_today 2025 ජුනි 17 - 14:01 remove_red_eye - 70  

මැදපෙරදිග කලාපයේ ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්වය හමුවේ අදාළ රටවල වෙසෙන ශ්‍රි ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය නිරන්තර අවධානයෙන් පසුවන බවත්, අවශ්‍ය මැදිහත්වීම් සිදුකිරීම සඳහා තානාපති කාර්යාල වෙත අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවත්, විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහත

මධ්‍යම කඳුකරය තුළ මේ දිනවල වර්ෂ සහිත කාලගුණය හේතුවෙන් වික්ටෝරියා ඇතුළු මහවැවැලි ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ජල කළමනාකරණ ලේකම් කාර්යාලය සඳහන් කරයි.

Read More

නිසි අවසරපත්‍රයක් නොමැතිව තේ අපද්‍රව්‍ය කිලෝ 6594 ක් ( හයදහස් පන්සිය අනු හතරක් ) ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී පසුගියදා ( 14 දා ) වැලිමඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අධික ලෙස බීමත්ව මාර්ග නීති උල්ලංඝනය කරමින් බදුල්ල සිට කොළඹ බලා බස් රථයක් ධාවනය කරමින් සිටි පෞද්ගලික මගී බස් රථයක රියදුරු අද 17 හල්දුම්මුල්ලේදී අත්අඩංගුවට බව හල්දුම්මුල්ල පොලිසිය පැවසීය.

Read More

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අයත් භාවිතා කළ වාහන (සුඛෝපභෝගී වාහන 16ක්. අනෙකුත් වාහන 03 ක් සහ අබලි වාහන 03ක්) විකිණීම සඳහා සුදුසුකම්ලත් ටෙන්ඩර්කරුවන්ගෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැදවා ඇත.

Read More

2009ට පෙර ලබා ගත් රියදුරු බලපත්‍ර අවලංගු කිරීම සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

2028 වන විට ස්වශක්තියෙන් ණය ගෙවිය හැකි ආර්ථික ස්ථාවරත්වයක් රට තුළ නිර්මාණය කරනවා ආර්ථික බිඳ වැටීමක් තුළ රාජ්‍යයක ස්වාධිපත්‍යය හා ස්වෛරීත්වය රඳා පවතින්නේ නැහැ

Read More

පානදුර ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් පෙරලී ධීවරයින් දෙදෙනකු මුහුදේ ගිලී අතුරුදන්ව එක් අයෙකු දිවි බේරාගෙන ඇති බව පානදුර ධීවර වරාය කාර්යාලය ෙසදහන් කරයි.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය ඇතුළු දූත පිරිස හමු විය.

Read More

යාපනය පොන්නාලෙයි ප්‍රදේශයේදී සහ පොලිගන්ඩි ප්‍රදේශයේදී රුපියල් කෝටි 15 කට අධික වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 513 ක් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි යාපනය පොලීසිය පැවසීය.

Read More

කොළඹ රත්මලාන ගුවන් තොටුපොළ සහ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අතර ඍජු අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවක් ක්‍රියාත්මක කිරීම සදහා ඩේවිඩ් පීරිස් ගුවන් සේවා සමාගම වෙත ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් , දේශීය වානිජ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම සදහා වූ ගුවන් යානා මෙහෙයුම් බලපත්‍රය ( Air Craft Operation Certificate ) 06/16 දින පිරිනමා තිබේ.

Read More

පුත්තලම නගර සභාවේ සභාපති ධුරය නිතරගයෙන් ඒ සදහා නම් යෝජනා වු ජාතික ජන බලවේගය පක්ෂයෙ එම්.එෆ්.රින්සාද් අහමඩ් මහතාගේ නම සම්මත විම 16 දින වයඹ පළාත් පාලන කොමසාරිස් සංජීවනි හේරත් මහත්මිය ඉදිරියෙ පැවති අවස්ථාවේදි සිදුවිය.

Read More

විද්‍යුත් විසා ලබාදීමේ සේවාව සමාගම් දේකකට ලබාදීමට ගෙන තිබූ තීරණය වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත්කල අතුරු නියෝගය ක්‍රියාත්මක නොකිරීමේන් අධිකරණයට අපහාස කළැයි චෝදනා ලැබ දැනට රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින ආගමන විගමන පාලක හර්ෂ ඉලූක්පිටිය මහතාට එරෙහි අධිකරණ අපහාස නඩුව විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (16) ආරම්භ කෙරිණි.

Read More

හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුල මේ වන විට එලවළු මිල ගනන් අධික ලෙස ඉහල යාමත් සමග ප්‍රදේශයේ බොහෝ පිරිසක් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇත.

Read More

ආරක්ෂක අංශ ලබා දෙන බුද්ධි වාර්තා පදනම් කර ගනිමින් මෙවර දෙවිනුවර ශ්‍රී විශ්ණු මහා දේවාලයේ සය වැනි පෙරහැරට කාවඩි කණ්ඩායම් 20 ක් පමණක් සහභාගී කරවීමට තීරණය කල බව එම දේවාලයේ බස්නායක නිලමේ ආරච්චිගේ තිළිණ මධුශංක මහතා පැවසීය.

Read More

ගාල්ල ,දොඩංදුව පටුවත කුමාරකන්ද වෙරළ තීරයට ඊයේ පස්වරුවේ සිට සුදු පැහැති ( පරිප්පු ඇටයක හැඩැති) ප්ලාස්ටික් අංශු විශාල ප්‍රමාණයක් මුහුදේ පාවෙමින් ගොඩ ගසමින් පවතී.

Read More

ඉන්දියාවේ අහමදාබාද්හි පසුගිය බ්‍රහස්පතින්දා සිදු වූ ගුවන් අනතුර සිදු වූ ස්ථානයෙන් මළ සිරුරු 270 ක් සොයා ගත් බව ඉන්දියාවේ වෛද්‍යවරු පවසති.

Read More

කල්පිටිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු අතිරේක ලැයිස්තුවෙන් තේරී පත්වූ සභිකයෙකු 15 රාත්‍රියේ පුත්තලම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්‍යංශය විසින් අත්අඩංගුවට ගෙන, පුත්තලම මූලස්ථාන පොලිසිය වෙත භාර දී ඇත.මෙසේ අත් අඩංගුවට පත්ව ඇත්තේ අබ්දුල් මුත්තලීබු මොහොමඩ් නව්ෆ්පී නැමැති කල්පිටිය මුසල්පිටිය පදිංචි සභිකයා යෙකි.

Read More

අවසන් වූ ශ්‍රීපාද වන්දනා සමයේදී දේශිය වන්දනාකරුවන් විසින් ශ්‍රීපාද පුද බිමට කසල ටොන් 241 ක් බැහැර කරලා-මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ ලේකම් සිවරාම් රාජවීරන් කියයි.

Read More

පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගයට බලය පිහිටු වීමට නොහැකි පළාත් පාලන ආයතනවලට බලය පිහිටු විම සදහා ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය ලබා දීමට පක්ෂ නායකත්වය තීරණය කර ඇති බව ලංකා කම්කරු කොංග්‍රසයේ උසස් නිළධාරියෙකු පැවසීය.

Read More

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු කළ සැලැස්මක් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර ඇති බව බීබීසී පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.

Read More

ටෙල් අවිව් බෙන් ගූරියන් ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් ගමන් වසා දැමීම හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි පිරිස්වලට ජෝර්දානය හා ඊජිප්තුව හරහා තම ගමන් වාර සකස් කර ගත හැකි බව ඊශ්‍රායිල් විදේශ ඇමති Gideon Sa’ar මහත් ප්‍රකාශ කළ බව ඊශ්‍රා යෙලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවැසීය.

Read More

කොළඹ නගර සභාවේ 26 වැනි පුරපති ලෙස ජාතික ජන බල වේගයේ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය රහස් ඡන්දයෙන් තේරී පත්විය.

Read More

වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි දීමනාවට අදාළ චක්‍රලේඛය මේ මස 28 වැනි දින වන විට නිකුත් නොකළ හොත් වෘත්තීය ක්‍රියා මාර්ග ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

අද උදෑසන බෙනිබරක් (Bnei Brak) ප්‍රදේශයට එල්ලවූ ඉරාන මිසයිල ප්‍රහාරයකින් ඉදිකිරීම් සඳහා පැමිණි ශ්‍රී ලංකික තරුණයෙකුගේ පාදයකට තුවාල වී ඇති බව ඊශ්‍රා යෙලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ බලන සහ කඩුගන්නාව අතර දුම්රිය මාර්හයට විශාල ගසක් අද (16) උදෑසන කඩා වැටීමෙන් කොළඹ කොටුව බදුල්ල දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇතයි දුම්රිය පාලක මැදිරිය පවසයි .

Read More

කොළඹ මහ නගර සභාව වෙනුවෙන් නගරාධිපතයෙක් තෝරා ගැනීම වෙනුවෙන් රහස් ඡන්දයක් පැවැත්වීමට තීරණය විය. කොළඹ මහ නගර සභාවේ මංගල සැසිවාරය අද දිනයේදී ආරම්භ විය. එය ආරම්භයේ සිටම දැඩි උණුසුම් ස්වාභාවයක් ගනු ලැබිණ.

Read More

ඊශ්‍රායල සහ ඉරාන ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි.

Read More

සෙවනගල සීනි කර්මාන්තශාලාවේ ධාරිතාවය පුළුල් කිරිමේ ව්‍යාපෘතියක් සදහා රුපියල් විසිකෝටි දාහත්ලක්ෂ, අසුදෙදහස්, හාරසිය තිස්තුනක් වටිනා (201,782,433) යන්ත්‍ර ආනයනය කොට ඇතත් මෙම ව්‍යාපෘතිය 2024 වර්ෂයේ අගෝස්තු මස වනවිටද ආරම්භකොට නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

Read More

රජය විසින් ගෙවිය යුතු දේශිය හා විදේශිය ණය ප්‍රමාණය මෙම වර්ෂයේ (2025) ජනවාරි මස වනවිට රුපියල් බිලියන විසිනමදහස් එකසියතිස්හතරයි දශම පහ දක්වා (29,134.5) දක්වා ඉහළගොස් ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.