අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ඒ ඒ අවස්ථාවලදීම විනාශ කරන්න නීති
විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම අරමුණු කර ගත් ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේ දෙවැනි සැසිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජධිපති ලේකම් කාර්යාලයේදි අද (25) පෙරවරුවේ පැවැත්විණ.
විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම පිළිබඳ මෙන්ම ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කෙරෙහිද වැඩි අවධානයක් යොමු කළ යුතු බව ජනපතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ. මේ පිළිබඳව සියලු අදහස් එකතු කර සියලු දෙනාට පිළිගත හැකි නව වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද ජනපතිවරයා පැවැසීය. පුනරුත්ථාපන කටයුතු සඳහා විධිමත් පුහුණු සංචිතයක් ගොඩනැගීමට ද ජනපතිවරයා උපදෙස් දී තිබේ.
එසේම අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය ඒ ඒ අවස්ථාවලදීම විනාශ කළ හැකි පරිදි නව නීති කෙටුම්පතක් ලබන මාර්තු වන විට සම්පාදනය කරන ලෙස අධිකරණ අමාත්‍යාංශයටද ජනපතිවරයා උපදෙස් දී තිබේ.
විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ ජාතික වැඩසටහනට අනුබද්ධව ප්‍රාදේශීය මට්ටමෙන් සංවිධානය වන ආකාරයටම ආයතන මට්ටමින්ද කමිටු ගොඩනඟා ගනිමින් මෙම ජාතික කර්තව්‍යයට සියලු ප්‍රජාවගේ දායකත්වය ලබා ගැනීම කෙරෙහිද අවධානය යොමු කරන ලෙස නිලධාරින්ට සඳහන් කර තිබේ.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

