වෛද්‍යවරු හෙට 26 වර්ජනයක ?
වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය පද්ධතියේ ගැටලු වලට ඉදිරිපත් කල විසඳුම් සඳහා නිෂ්චිත කාල රාමුවක් ප්‍රකාශයට පත් නොවන්නේ නම් ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම පැය 48 කින් ලෙස ඊයේ (24) දා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටීය.
ඒ අනුව ඔවුන් වැඩිදුරටත් මෙසේ අදහස් දක්වා තිබිණි.
මෙවර අයවැය තුළින් වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සැබෑ ගැටලු කිසිවක් සඳහා සාධනීය විසඳුම් නොලැබීමේ පසුබිමක, ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාවේ අනාගතය සම්බන්ධයෙන් දැඩි අවිනිශ්චිතතාවයක් පැන නැගී ඇත.
මෙවර අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර, ප්‍රමාණවත් කාලයක් තුළ වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය සේවාවේ ගැටලු විසඳීම සඳහා අදාළ තොරතුරු සහ යෝජනා, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපතිතුමා ඇතුළු වගකිවයුතු පාර්ශවයන් වෙත යොමු කළ ද, ඒවා අවධානයට ලක් නොකිරීම තුල, වත්මන් අර්බුදය පැන නැගී ඇත.
මෙම ගැටලු සඳහා සාධනීය විසඳුමක් නොලැබීම හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ග ගණනාවකට එළඹීමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයට සිදු විය.
එහෙත් මෙතෙක් රෝහල් පද්ධතිය තුල රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් කිසිදු වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කර නැති බවද අවධාරණය කල යුතුය.
මෙම වෘත්තිය ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් යළි සලකා බැලීම සඳහා අපගේ ඉල්ලීම වූයේ සෞඛ්‍ය පද්ධතිය සහ වෛද්‍යවරුන් රැක ගැනීම ඉලක්ක කරගත් නිශ්චිත සාධනීය වැඩ පිළිවෙලක් කාල රාමුවක් සහිතව ප්‍රකාශයට පත් කිරීමයි.
එහිදී පසුගිය සෙනසුරාදා පැවැත්වුණු, සෞඛ්‍ය අමාත්‍යංශයේ අයවැය කාරක සභා විවාදය වෙත අපගේ දැඩි අවධානය යොමු වූ අතර, සෞඛ්‍ය පද්ධතිය සහ වෛද්‍යවරුන් මුහුණ දී ඇති ගැටළු පිළිබඳ තොරතුරු රාශියත් පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට ලක්වනු දක්නට ලැබින.
මෙවන් තතත්වයක් තුල අද දින ඔවුන් හට සාදනිය පිළිතුරක් මීට නොලැබෙන්නේනම් වෘතීය ක්රයාමාර්ගයකට යොමුවනු ඇති.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

