පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ඉල්ලීම මත කාර්ය මණ්ඩලය සඳහා අය කරන ආහාර මිල ගණන් නැවත සංශෝධනය කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව එම කාරක සභාවේ සභාපති ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී තීරණය කෙරිණි.
පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව හෙට(23දා) රැස්වීමට නියමිතව තිබේ.
Read Moreවිපක්ෂයට මන්ත්‍රීවරු 16 ක් හා ජාතික ජන බලවේගයට මන්ත්‍රීවරු 11 ක් වශයෙන් පත්ව සිටි මාතලේ උකුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ජාතික ජන බලවේගය නියෝජනය කළ නිමල් කරුණාතිලක මහතා ඡන්ද 14 ලබාගෙන ලෙස තේරී පත්විය ඒ සඳහා ඉදිරිපත් වූ සමගි ජන බලවේගය අපේක්ෂකයාට හිමිවූයේ ඡන්ද 12 පමණි .
Read Moreබදුල්ල - මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ 04 කණුව ප්‍රදේශයේදී ඊයේ(21දා) අනතුරට පත්වූ බස් රථය පදවා ඇත්තේ එහි ගමන් ගත් පුද්ගලයෙකු බව අනාවරණය වී තිබේ.
Read Moreත්‍රිකුණාමලය නුවර ප්‍රධාන මාර්ගයේ ගල්මැටියාව අනූඅට පෙදෙසේදී ඊයේ (21) රාත්‍රි සිදුවු කැබ්රථ හා යතුරුපැදි අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනාම මියගිය බව තඹලගමුව පොලිසිය කියයි.
Read Moreරුහුණු මහා කතරගම දේවාලයේ 2025 ඇසල මහා පෙරහර මංගල්‍යයේ පෙරහරේ දින15 පුරා දේවාභරණ වඩම්මවන වාසනා ඇතාගේ පෙරහර වස්ත්‍රාභරණ කතරගම දේවාලයට භාරදීම (21) වෙනිදා උදෑසන සිදුකෙරිණි.
Read Moreබදුල්ල නගර මධ්‍යයේ පිහිටි ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය බංගලාව පොදු කටයුතු වලට භාවිතා කර ජනතා සේවයට යොදාගන්නා ලෙස ඌව පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ජේ.එම් කපිල ජයසේකර මහතා නිලධාරීන්ට උපදෙස් දෙන ලදි.
Read Moreරුහුණු මහා කතරගම දේවාලයේ, ඇසල පෙරහැර මංගල්‍යය හා සම්බන්ධ වීම යාල හා කුමන ජාතික වනෝද්‍යාන හරහා පා ගමනින් පැමිනෙන බැතිමතුන් සදහා, කුමන වනෝද්‍යානයේ ප්‍රවෙිශ දොරටුව විවෘතකල පළමු දිනය එනම් ඉකුත් 20දා බැතිමතුන් 10444ක් වනොද්‍යනය හරහා ගමන් ආරම්භ කල බව කුමන ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු බුද්ධික විතානාරච්චි මහතා පැවසීය.
Read Moreබදුල්ල මහියංගන මාර්ගයේ දුන්හිද තිඹිරිගස්පිටිය ප්‍රදේශයේදි 21දින සවස සිදුවු බස් අනතුරින් තුවාල ලබා රෝහල්ගතව සිටින රෝගින් බැලීමට පැමිණෙන පවුල්වල සාමාජිකයින්ට නවාතැන් පහසුකම් ඇතුලු සේවාවන් සැපයිමට ඌව පළාත් ආණ්ඩුකාරවර නිතිඥ කපිල ජයසේකර මහතා කටයුතු කර තිබේ.
Read Moreයාපනය පොලිස් වසමේ පන්නේ ප්‍රදේශයේ පිහිටි හෝටලයක විදුලි සෝපානයකින් පුද්ගලයෙකු වැටී මියගොස් ඇති බවට යාපනය පොලිසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.
Read Moreඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට එක්සත් ජනපදය ප්‍රහාර එල්ල කළ බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ අනුව ඉරානයේ ෆොර්ඩෝ, නටාන්ස් සහ එස්ෆහාන් යන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට ඇමෙරිකාව ප්‍රහාර එල්ල කර තිබේ. මේ බව ඉරානයද තහවුරු කර තිබේ.
Read Moreබදුල්ල - මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ හතරේ කණුව ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ පෙරළී යාමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 30කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreබීමත්ව රිය පැද්දොත් රු. ලක්ෂ 05ක් නැත්නම් අවුරුදු 2 යනුවෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පළකිරීම අසත්‍ය පළකිරීමක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreඊශ්‍රායලය හා ඉරානය අතර ඇතිවී තිබෙන ගැටළුකාරී තත්ත්වය මත ඊශ්‍රායලය වෙත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යොමුකිරීම තාවකාලිකව අත්හිටුවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ඊයේ දින (20) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියා. එහිදී සභාපතිවරයා විසින් මෙසේ ද සඳහන් කරනු ලැබුවා.
Read Moreකළුතර දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් ඉදිරි මාස කිහිපය තුළ රුපියල් කෝටි 100 ක් වැය කිරීමට වත්මන් රජය කටයුතු කරන බවත් ඉන් කෝටි 20 ක් දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන කටයුතු වැඩිදියුණු කිරීමට වෙන් කර ඇති බවත්, මෙවර විමධ්‍යගත අරමුදලින් ඉටු කිරීම සඳහා රුපියල් ලක්ෂ 1260 ක වටිනාකමින් යුතු ව්‍යාපෘති 84 ක් ද දිස්ත්‍රික්කය සඳහා යෝජනා වී ඇති බවත් එම ව්‍යාපෘති ද කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැ
Read Moreකොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්ථාපිත කරන ලද නව න්‍යෂ්ටික ප්‍රතිබිම්භ ඒකකය (Gamma Camera) ඊයේ දින ප්‍රතිකාර සේවාවන් සදහා එක් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
Read Moreග්‍රාමීය ආර්ථිකයට මෙන්ම ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කෙරෙන වන අලි ගැටලුව විසඳීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
Read Moreආයෝජන කැඳවා ගැනීමට නව දිශානතියක් ඔස්සේ අවධානය යොමු කිරීම ඉතා වැදගත් - ජනපති
Read Moreවිශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් ලෙස ජූනි 30 වැනි සඳුදා පාර්ලිමේන්තුව රැස්වීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
Read Moreඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා ජුනි 23 සිට 26 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. මෙය 2016 පෙබරවාරි මාසයෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයෙකු ශ්‍රී ලංකාවේ කරන පළමු සංචාරය වෙයි.
Read Moreජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යෙ(ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත ලබාදී ඇති බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබේ.
Read Moreකලාපය තුළ පවතින නොසන්සුන්කාරි තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ගේ වීසා කාලය මාස 3කින් දීර්ඝ කිරීමට ඊශ්‍රායලයේ පීබා ආයතනය හෙවත් එරට ආගමන විගමන ආයතනය පියවර ගෙන ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
Read Moreඅප්‍රිකානු සූකර උණ සම්බන්ධයෙන් පසුගිය දා නිකුත් කරන ලද ගැසට් පත්‍රයක් මගින් එම දෙපාර්තමේන්තුව පෙන්වාදී ඇත්තේ රෝග කාරක වෛරසය රට පුරා ව්‍යාප්ත වීම මුලුමනින්ම පාලනය කිරීමේ අරමුණින් මෙය සිදුකල බවයි.
Read Moreමෙරට රැදී සිටිමින් පරිගණක අපරාධ ( Cyber Crimes ) ඇතුළු විවිධ අපරාධ වලට සම්බන්ධ වී සිටි චීන ජාතිකයන් 85 දෙනෙකු , මෙරට ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන, අධිකරණ ක්‍රියාමාර්ග වලින් අනතුරුව , බන්ධනාගාර ගත කර සිටියදී , 06/20 දින අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් පිටුවහල් කළ බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
Read Moreමත්තේගොඩ පොලිස් වසමේ මත්තේගොඩ ප්‍රදේශයේදී මත්තේගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරු මත ඊයේ වැටලීමක් සිදු කර නීති විරෝධි මත්පැන් ලීටර් 101 මිලි ලීටර් 250 ක්, නීති විරෝධි මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා ලීටර් 3377 මිලි ලීටර් 500 ක්, ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන මුදල් රුපියල් 2,507,740/= සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
Read Moreපුත්තලම මූලික රෝහලේ කාන්තා වාට්ටුවක නාන කාමරයක කානුවක සිරව මිය ගොස් සිටි බිළිදෙකුගේ මළ සිරුරක් හමුව ඇති බවත් එම සිද්දියට නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි තරුණ කාන්තාවක් අත් අඩංගුවට ගත් බව පුත්තලම මූලස්ථාන පොලිසිය 20 දින පැවසිය.
Read Moreදැඩි උණුසුම්කාරී වාතාවරණයක් යටතේ අද (20) පැවැති පැවැති මෙම රැස්වීමේදී ගාල්ල මහනගර සභාවේ නගරාධිපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ ඇල්විටිගල ඉහළ ගමගේ සුනිල් මහතා තේරී පත්විය. ඔහු වෘත්තියෙන් ගුරුවරයෙකි.
Read Moreපහේ ශිෂ්‍යත්ව විභාගය 2029 වසර දක්වා නොවෙනත්ව පැවැත්වෙන බවත් එක්වරම ශිෂ්‍යත්වය අත්හිටුවීමට කටයුතු නොකරන බවත් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසයි.
Read Moreපාසල් වෑන් රථ, කාර්යාල වෑන් රථ, ත්‍රීරෝද රථ සහ භාණ්ඩ ප්‍රවාහන ආයතන හා මාධ්‍යන් ඇතුළු අනෙකුත් වාහන ද ජාතික ගමනාගමන කොමිසමට නියාමනය කිරීමට හැකියාව ලැබෙන අයුරින් හා ඒ සඳහා අවශ්‍ය නව ආයතන ස්ථාපිත කිරීමට අවසර ලැබෙන පරිදි මෙම පනත සංශෝධනය වී ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
Read Moreදේශීය මුං ඇට අස්වැන්න ලැබී මාස ගණනාවක් තිස්සේ නිසි මිලකට විකුණා ගැනීමට නොහැකි වීම නිසා මුං ගොවීන් දැඩි අසීරුතාවයකට පත් සිටි. මේ වනවිටත් පසුගිය කන්නේ මුං ඇට ඇස්වන්න නිවෙස්වල තබාගන දෙවැනි කන්නේ ද අස්වැන්න ලැබීමට ආසන්නව තිබෙන බවත් පෙන්වා දෙන ගොවීන් විදේශීය රටවලින් මුං ඇට ගෙන්වීම නිසා මෙම බරපතල තත්ත්වයට මුංගොවින් පත්ව ඇති බව මාතලේ විල්ගමුව ප්‍රදේශයේ ගොවීන් චෝදනා කරති
Read More