මෙවර සිරිපා වන්දනාවට ලීටරයට අඩු ජල බෝතල් එපා
මෙවර සිරිපා වන්දනා සමයේදී අති සංවේදී සිරිපා හරිත අඩවියේ පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ වැඩ සටහන් රැසක් දියත් කිරීමට පියවර ගෙන ඇතැයි පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතා පවසයි.
ඒ අනුව ලීටරයට වඩා අඩු ජල බෝතල් හා බීම බෝතල් රැගෙන යාමෙන් වළකින ලෙස සියලු බැතිමතුන්ගෙන් හා එම ප්‍රදේශයේ සංචාරය කරනු ලබන පිරිස්වලින් ඉල්ලා සිටින බවත්, “මුනි සිරිපා හරිත වන්දනාව” නමින් මෙවර වන්දනා වාරය නම් කොට ඇති බවද පටබැඳි මහතා කීය.
අති සංවේදී සිරිපා හරිත කලාපය ප්ලාස්ටීක් දූෂණයෙන් වළක්වා ගැනීමත්, ඒ වගේම ප්ලාස්ටීක් දූෂණය හරහා ජනතාවට ඇතිවන සෞඛ්‍ය ගැටළු වළක්වා ගැනීම සඳහාත් විශේෂ වැඩසටහන් රැසක් මෙවර සිරිපා වන්දනා වාරයේ දී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති බවද පටබැඳි මහතා පැවසීය.
මෙවර සිරිපා වන්දනා සමය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වූ පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා
“ලීටරයට වඩා අඩු ජල හා බීම ප්ලාස්ටීක් බෝතල් මෙන්ම පොලිතින් ආවරණ සහිත ඇසුරුම් ආහාර හෝ අනෙකුත් භාණ්ඩ රැගෙන යාමෙන් වළකින්න. ඒ වගේම කෝඩු පැකට්, ප්ලාස්ටීක් දවටනවලින් ආවරණ කර වෙළදාම් කිරීම හෝ පිටතින් ඒවා රැගෙන ඒමෙන් වළකින්න. අති සංවේදි සිරිපා පරිසර කලාපය තුළ වෙළෙඳසැල්වල අළෙවි කරන ප්ලාස්ටීක් හෝ පොලිතින් ආවරණ සහිත ආහාර හා වෙනත් වෙළෙඳ භාණ්ඩ අලෙවියෙන් පසු කඩ හිමියන් එම ආවරණ සම්බන්ධයෙන් වග කියන්න ඔීනෑ.
අපි ඒ නිසා ඉල්ලා සිටිනවා එවැනි ද්‍රව්‍ය එක්රැස් කොට පරිසරය පිරිසිදු කිරීමේ වගකීම භාර ගන්නා ලෙස. එක් රැස් කරන ප්ලාස්ටීක් හා පොලිතින් කලාපයෙන් පිටත පිහිටි පළාත් පාලන ආයතනවලට භාර දිය යුතුයි. සිරිපා වන්දනාවේ යෙදෙන බැතිමතුන්ගෙන් සහ එම ප්‍රදේශයේ සංචාරය කරනු ලබන සියලුම පිරිස්වලින් ඉල්ලා සිටින්නේ ප්ලාස්ටීක් දූෂණය අවම කිරීම සඳහා මැදිහත් වන්න කියලයි.”
මෙවර සිරිපා වන්දනා වාරයේ දී අති සංවේදි සිරිපා හරිත කලාපය ආරක්ෂා කර ගැනීමේ මෙම වැඩසටහන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව පරිසර අමාත්‍යංශය, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, ප්‍රදේශයේ පළාත් පාලන හා රාජ්‍ය ආයතන එක්ව සිදු කිරීමට සැලසුම් කොට තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

