2025 මුල් මාස දහය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 14.4 ඉක්මවා ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.
එය මෙරට ඉතිහාසයේ ජනවාරි-ඔක්තෝබර් කාලය තුළ වාර්තා වූ ඉහළම අපනයන අගය බව එම මණ්ඩලය පෙන්වා දෙයි.
2025 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයනය 6% ක සැලකිය යුතු වර්ධනයක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කර තිබේ.
මැණික් හා ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ඇස්තමේන්තුගත සංඛ්‍යා ලේඛන සමඟ ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව, මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 14,433.82 කි.