හම්බන්තොට සීනුක්කුගල ගොවිබිම් රැසක් වන අලින් වනසයි
හම්බන්තොට සිනුක්කුගල ප්රදේශයේ වගාබිම් රැසකට පසුගිය 24 වනදා රාත්රී වන අලින් පැමිණ විශාල වග විනශයක් සිදුකර තිබෙන බවට එම ප්රදේශයන්හි ගොවින් පවසා සිටිනවා.
ඒ අනුව පසුගිය 24 වනදා රාත්රී පමනක් කෙසෙල්, බඩ ඉරිගු,මඤ්ඤොක්කා ,පොල් ඇතුළු වගාවන් රසකර හානි කරතිබෙන බවද ගොවින් පෙන්වා දෙති.
හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිත භුමිය තුළ තිබෙන වගා බිම් මේ ආකාරයෙන් වන අලින් විසින් විනාශ කර තිබෙන අතර එම ප්රදේශයන්හි සිටින ගොවින් කියා සිටියේ පසුගිය සති කීපය තුලදී සිදුකළ වන අලි මෙහෙයුමෙන් පසු මෙම වන අලි උවදුර වැඩිවී තිබෙන බවයි.
එමෙන්ම තමන්ගේ වගාබිම් වන අලි කළමනාකරණ රක්ෂිතයට මේ වනවිට අයත්වී තිබුනත් මිට වසර 20ක පමණ ඉහතදී මෙම ඉඩම් ලබාදෙනවිට එසේ වන අලි කළමනාකරන රක්ෂිතයක් නොතිබූ බවත් ඒ අනුව වසර ගණනාවක් තිස්සේ පවුල් 220ක් පමණ මෙම ප්රදේශයන්හි ගොවිතැන් කරගෙන ජිවත් වන බවද ගොවින් පවසා සිටි. නමුත් 2021 වර්ෂයෙන් පසුව ගැසට් කෙරුණු වන අලි කළමනාකරණ රක්ෂිතය අනුව තම ඉඩම් එයට හසුවූ බවත් ගොවින් වන අලි කළමනාකරණ රක්ෂිතයේ ඉඩම් අල්ලා නොගත් බවත් වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරනවිට ගොවිබිම් එම ප්රදේශයට හසුවූ බවද ගොවින් කියා සිටිනවා.
එමෙන් තමන්ගේ මුදලින් හෝ නිසි අයුරින් ගොවිතැන් කරගෙන එම ප්රදේශයන්හි ජිවිත්විමට ක්රමවේදයක් සකසා දෙනලෙස ගොවින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

