සූරියවැව සභාවේ අයවැය මාලිමාව දිනයි
සූරියවැව ප්රාදේශීය සභාවේ සභාපති ඉන්දික තුෂාර මහතා විසින් 2026 වසර සඳහා සභාව වෙත ඉදිරිපත් කෙරුණු අය අයවැය වැඩි ඡන්ද දෙකකින් සම්මත වීය.
ජාතික ජන බලවේගයට බලය හිමි වූ සූරියවැව ප්රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම අද (25) පෙරවරුවේ සභාපති ඉන්දික තුෂාර මහතාගේ ප්රධානත්වයෙන්රැස්වූ අතර එහිදී 2026 වසර වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු අයවැයයි යෝජනාව වැඩි චන්ද දෙකකින් සම්මත වීය.
ඒ අනුව ජාතික ජන බලවේගයේමන්ත්රීවරුන් 06 දෙනාම අයවැයට පක්ෂව අයවැයට පක්ෂව ඡන්දය ප්රකාශ කළ අතර,අයවැයට විපක්ෂව සමගි ජන බලවේගයේ ප්රාදේශීය සභා මන්ත්රීවරුන් දෙදෙනා සහ ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්රීවරුන් දෙදෙනා ඡන්දය භාවිතා කර තිබුණි. එමෙන්ම එහිදී ශ්රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පත්ව සිටි මන්ත්රීවරයා ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියේය.ඒ අනුව ජාතික ජන බලවේගයට බලය හිමි වූ සූරිය වැව ප්රාදේශීය සභාවේ මංගල අයවැය වැඩි චන්ද දෙකකින් සම්මත වූ බවයි සභාපතිවරයා පැවසුවේ.
සූරියවැව ණුවන් ජයසේකර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

