කිලිනොච්චියෙන් සුළඟින් මෙගාවොට් 204ක්
ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 204ක විදුලිබල ධාරිතාවයක් එක් කිරීමට නියමිත කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කිරාන්චි-වේරවිල් ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත සුළං විදුලිබල ව්‍යාපෘතියට අදාළ භූමිය නිරීක්ෂණය කිරීමේ සහ කරුණු සොයා බැලීමේ ක්ෂේත්‍ර චාරිකාවක බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා නියැලුනේය.
රටේ බලශක්ති අරමුණු ජයගැනීමෙහිලා පුනර්ජනනීය බලශක්තිය උපරිම අයුරින් දායක කරගැනීමේ රජයේ ප්‍රතිපත්තිය අනුව ඉහත ප්‍රදේශයේ ඇති සුළං විදුලි විභවතාවය ප්‍රයෝජනයට ගැනීමත් ඒ හරහා රටේ උතුරු ප්‍රදේශයේ සංවර්ධන කටයුතු වේගවත් කිරීමත් මෙම යෝජිත ව්‍යාපෘතියේ අරමුණු අතර වේ.
මෙහිදී එකක් මෙගාවොට් 06ක් වන සුළං විදුලි කුළුණු 34ක් ස්ථාපිත කිරීමට නියමිත අතර ඒ සදහා තෝරාගත් ඉඩම් කොටස් වැඩි ප්‍රමාණයකට ඇමතිවරයා පෞද්ගලිකවම ගොස් විස්තර සොයා බැලීය. මෙලෙස වෙන්කොට ඇති ඉඩම් කොටස් වැඩි ප්‍රමාණයක, කිසිදු ගැටලුවක් නොමැතිව ව්‍යපෘතියේ ඉදිකිරීම් කටයුතු ඇරබීමේ හැකියාව ඇති බව නිරීක්ෂණය වූ අතර විවිධ ගැටලු ඇති බිම් කොටස්වල එම ගැටලු විසදීමට ගත හැකි පියවර සොයා බැලීමද සිදු මෙහිදී සිදු විය.
නිරීක්ෂණ චාරිකාවෙන් පසු කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ව්‍යෘපෘතිය හා අදාළ රජ්‍ය ආයතනවල නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් රැස්වීමක් පැවැති අතර එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා...
“මෙම ව්‍යාපෘතිය රටේ ජාතික අවශ්‍යතාවයක් ලෙස සළකා ක්‍රියාත්මක කරන බවත් මේ හරහා ප්‍රදේශයේ ජනතාවට අවශ්‍යය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට සැළසුම්කර ඇති බවත් ප්‍රකාශ කලේය. තවද පරිසරයට සිදුවන බලපෑම් හා ජනතාවට සිදුවන අපහසුතා අවම වන පරිදි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් කාලයක් තිස්සේ සංවර්ධනය මග හැරුණු උතුරු ප්‍රදේශයට මෙම ව්‍යාපෘතිය ඉතා වැදගත් වනු ඇති බවත්” තව දුරටත් ප්‍රකාශ කලේය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

