තායිලන්තයේ පැවති ලෝක අවිවාහක රූ රැජින තරගාවලිය වන ( Miss Universe - 2025 ) තරගාවලියට සහභාගී වූ ලිහාසා ලින්සේ වයිට් මෙනවිය ඉන්දියාවේ බොලිවුඩ් චිත්රපට 04 ක රගපෑමේ අවස්ථාව හිමි කර ගනිමින් 11/25 දින සවස කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියාය .
තරගාවලිය ලෝකයේ රටවල් 122 ක් නියෝජනය කරමින් අවිවාහක රූ රැජිනියන් සහභාගී වී සිටි අතර එය ඉකුත් 11/02 දින සිට 11/21 දින දක්වා තායිලන්තයේ බැංකොක් නුවර පවත්වා තිබුණි .
ලිහාසා ලින්සේ මෙනවිය ගල්කිස්ස මහ හෝටයේ පැවති ශ්රී ලංකා අවිවාහක රූ රැජින තරගාවලිය ජයග්රහණය කර මෙම තරගාවලිය සදහා සහභාගී වීමට තායිලන්තය වෙත ගොස් තිබුණි'
ලිහාසා ලින්සේ මෙනවිය 11/25 දින පස්වරු 03.45 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 405 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

