වී වගාව ආරම්භ කරන බවට ඉල්ලම් කළ ගොවීන්ගෙන් සියයට 90කට මේ වන විට පොහොර සහනාධාරයේ පළමු වාරිකය වන රු. 15000ක් ලබා දී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
ඒ් අනුව ඉල්ලීම් කළ ගොවීන් 721616ක් අතරින් ගොවීන් 651079ක් වෙත මේ වන විට රු. 15000 ලබාදි අවසන් බව අමාත්‍යවරයා පැවැසීය. ඒසේම තවත් 66000කට අද දිනයේදී මෙම මුදල් ලැබෙනු ඇති බවත් ඉල්ලීම් නොකළ ගොවීන්ටද ඉදිරියේදී ඉතාමත් ඉක්මනින් සහනාධාර මුදල් ලබා දෙන බවද අමාත්‍යවරයා පැවැසීය. පොහොර සහනාධාරයට ඉල්ලීම් ඉදිරිපත් කරන ආකාරය ගොවීන් දන්නා බවත් අමාත්‍යවරයා පැවැසීය.