පාකිස්තානයේ පැවැත්වෙන තුනකොන් විස්සයි20 තරගාවලිය යටතේ සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැති තරගය කඩුලු 9කින් ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව තරගාවලියේ තරග තුනක් තුළ ශ්රී ලංකාව ජයගත් පළමු තරගය මෙය වෙයි. තරගය ශ්රී ලංකා කණ්ඩායම ජයගත්තත් ප්රසාද ලකුණු සටහන අනුව තමන් ක්රීඩා කළ තරග තුනම ජයගත් පාකිස්තානය ඉදිරියෙන් පසුවන අතර දෙවැනි ස්ථානයේ පසුවන්නේ සිම්බාබ්වේ කණ්ඩායමයි.
ශ්රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර තරගය හෙට පැවැත්විමට නියමිතය. අවසන් තරගයට පිවිසීමට නම් ශ්රී ලංකා කණ්ඩායම මෙම තරගය ජයගත යුතුම තරගයක් වෙයි.
