මෙම පිපිරීම්වලින් මියගිය කුඩා දරුවන් 06 දෙනා ආගමික වතාවත්වලින් පසු භූමිදානය කර තිබේ.
පවතින ආරක්ෂක තත්ත්වය හමුවේ ආරක්ෂක අංශ විසින් සිදුකරන සෝදිසි මෙහෙයුම් පිළිබඳ තොරතුරු සමාජ මාධ්‍ය වල පළකිරීමෙන් වළකින ලෙස යුද හමුදාව ජනතාවගෙන් ඉල්ලා තිබේ.
Read Moreතිහාරියේ සිට වෑන් රථයකින් ප්‍රවාහනය කළ සුදු පැහැති කාන්තා සායවල් 28ක් සමඟ මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකු අනුරාධපුරයේදී සැකපිට අනුරාධපුර මූලස්ථාන පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreඅමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික මග නැමැති සංවිධානයක ආරම්භ කර තිබේ.
Read Moreරංවල මීතිරිගල , දංගල්ල බන්ධනාගාර එළිමහන් සිරකඳවුරට නුදුරුව පිහිටි ඇළ මාර්ගයක තිබී T56 , LMG රයිපල් , ජීවඋණ්ඩ 35ක් හා හිස් පතෙරාම් කොපු 21ක් කිරිදිවැල පොලීසිය භාරයට ගෙන තිබේ.
Read Moreපවතින ආරක්ෂක තත්ත්වය අනුව සති අන්තයේදි එනම් 04 දා 05 දා කතෝලික දේවස්ථානවල දිව්‍ය පූජාවන් පැවැත්වීමෙන් වළකින ලෙස අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණෝ පවසති.
Read Moreසංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධුෂ් මෙරටට පිටුවහල් කරනවා ද නැද්ද යන්න පිළිබඳ ඩුබායි අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම මැයි මස 09 දා දක්වා කල් තබා තිබේ.
Read Moreමෙරට නිෂ්පාදනය කරනු ලබන කාබනික පොහොරවල නියමිත සංඝටක ඇතිදැයි සොයා බැලීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බවත්, ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නියාමනයක් ක්‍රියාත්මක කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පොහොර සමාගම්හි නිලධාරීන් හමුවූ අවස්ථාවේදී ප්‍රකාශ කළේය.
Read Moreඇල්ල නැරඹීමට පැමිණි සංචාරකයන් පැවසුවේ බියක් සැකක් නැතිව ඇල්ලේගත කල හැකි බවයි.
Read Moreබලන්ගොඩ බුලත්ගම ප්‍රදේශයේ තේ වත්තක තිබි පතුරම් දහ අටක් ඊයේ (01) පස්වරුවේදි සොයාගත් බව බලන්ගොඩ පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකාවට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි වාර්තාවන් ලැබී තිබුණත් ඒ පිළිබඳව රාජ්‍ය ආයතනයන්හි තොරතුරු හුවමාරු කර ගැනීමේ ක්‍රියාවලිය සහ දේශපාලන නායකත්වය විසින් එවැනි තොරතුරු සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරය පිළිබඳව ප්‍රශ්න රාශියක් මතු කරන බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතය පවසය.
Read Moreපුල්මුඩේ ප්‍රදේශයේදි යුද හමුදාව විසින් සිදු කරන ලද සෝදිසි පරික්ෂාවකදී මුස්ලිම් ජාතිකයෙකුගේ නිවසේ තිබී ඩෙටනේටර්, සේවානූල් ඇතුළු බෝම්බ පිපිරවීමට යොදාගන්නා උපකරණ තොගයක් අද (02) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ පුහුණුකරු ලෙස රෝයි ඩයස් මහතා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ
Read Moreමන්නාරම සිට කොළඹ, ගාල්ල හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 සිට 3.5 ක් දක්වා (මෙය ගොඩබිමට පැමිණිය හැකි රළ උස නොවේ) ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත. එම ප්‍රදේශවල මුහුද රළුවිය හැකි බව එම නිවේදනයේ තවදුරටත් දන්වා ඇත.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු ලෙසින් සැලකෙන මොහොමඩ් සහරාන්ගේ බාල සොහොයුරියක වන මොහොමඩ් කාසිම් මොහොමඩ් නියාස් මදනියා මඩකලපුව පොලිසිය කාත්තන්කුඩි පරකා දේශයේදී ඊයේ (01) සවස අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreකිලිනොච්චිය පරන්තන් මන්සන්ධියේ අතුරු මාර්ගයක කසල ගොඩක දමා ගොස් තිබූ කාලතුවක්කු උණ්ඩයක් යුද හමුදාවට හමුවීමෙන් පසුව ආරක්ෂිත ස්ථානයකදී පුපුරවා හැරීමට පියවර ගනු ලැබීය.
Read Moreපාදුක්කේ පදිංචි අවුරුදු 28ක් වන සැකකරුවෙකු මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ. සැකකරු අද ගංගෝඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Read Moreශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු ලෙස තේරීම් කමිටු සභාපති අසන්තා ද මැල් මහතා පත්කර තිබේ. ඒ 2019 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙනි
Read Moreමෙවැනි ක්‍රියා මගින් ආණ්ඩු මාරු කළ හැකි යැයි ඇතැම් පාර්ශ්ව කල්පනා කරනවා. නමුත් ආණ්ඩුවක් මාරු කළ හැක්කේ මෙවැනි ක්‍රියා මගින් නොව මැතිවරණවලින් පමණයි.
Read Moreකිලිනොච්චිය උරුත්තිරපුරම් ප්‍රදේශයේ පිහිටි පාලමක් ආසන්නයේ දමා තිබූ අත්බෝම්බයක් ඊයේ (01) දින හමු වී එය ආරක්ෂක අංශ විසින් නිශ්ක්‍රිය කිරීමට පියවර ගනු ලැබීය.
Read Moreදෛනික විදුලිබල අවශ්‍යතාවය කප්පාදුවකින් තොරව සැපයීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
Read Moreඅපේ‍්‍රල් 21 වනදා ඛේදවාචකය හමුවේ සියලු ලක්වැසි ජන හදවත් තුළ ඇති වූ වේදනාව ත‍්‍රස්තවාදය විනාශ කිරීමේ ශක්තිය බවට පත්කරගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreබුර්කාව තහනම් කිරීමට විපක්‍ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විරුද්ධ බව සමාජ මාධ්‍ය ජාලා වල ප්‍රචාරය වන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව විපක්ෂනායක කාර්යාලය නිවේදනය කරයි.
Read Moreඑංගලන්තයේ හා වේල්සයේදී ආරම්භවීමට නියමිත එක්දින ලෝක කුසලානයට එක්වන ශ්‍රී ලංකාව ජාතික ක්‍රිකට් කණ්ඩායමට අතිරේක ආරක්ෂාවක් ලබාදීමට කෙරෙහි ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇත.
Read Moreසංගා වසරක කාලයක් එහි සභාපති ලෙස කටයතු කිරීමට නියමිත අතර එය ඔක්තෝබර් 01 දා සිට ආරම්භ වෙයි.
Read Moreඩුබායි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන සිටින මාකඳුරේ මධුෂ් නැමැත්තා මෙරටට පිටුවහල් කරනවාද, නැද්ද යන්න පිළිබඳ ඩුබායි අධිකරණ තීන්දුව අද (02දා) ලබාදීමට නියමිතව තිබේ, මාකඳුරේ මධුෂ් ඉකුත් පෙබරවාරි 05 වැනිදා ඩුබායිහිදී පැවැත්වූ සාදයකදී ඔහු ඇතුළු 31 දෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවටගත් බව වාර්තා විය.
Read Moreවැලිකන්ද නගරයේ වෙළදසැලක් අද (01) දින පස්වරුවේ දි පරික්ෂාවට ලක් කල අවස්ථාවේ බොර 12 අවි සඳහා භාවිතා කරන පතුරම් 06ක් එහි තිබි සොයාගත් බවත් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව අරලගංවිළ විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරිවරයා පවසයි.
Read Moreතමන්ට අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරිම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව එන්තර වාසියක් ගොනු කරන බව සඳහන් කෙරේ.
Read Moreඑම වත්කම් තහනම් කිරිමට විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඒ අතර බැංකු ගිණුම්ද වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Read Moreපාසල් දරුවන් ඇතුළු පාසල් ප්‍රජාවගේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පියවර ගෙන තිබේ.
Read More