රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා දැන් අලූත්ම නාටකයක් පෙන්වන්න උත්සාහ කරන බවත් ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණ නමින් අලූත් පෙරමුණකින් ඇවිත් ජනතාවට සේවය කරන්න දැන් සූදානම් විමට උත්සාහ දරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.
අද (24) කොළඹ පැවති රැස්විමකට එක්වෙමින් මන්ත්‍රීතුමිය මේ බව ප්‍රකාශ කළාය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වමින් සඳහන් කළේ,
"ඔය වගේම බයිලා කියාගෙන තමයි හංසයා අරගෙන ආවෙත්. පක්ෂවල නම් වෙනස් කළාට මේ කණ්ඩායමට ජනතාව රවටන්න බැහැ.
පරණ සිංහල කියමනක් තියෙනවා ඔලූවෙ අමාරුවට කොට්ටෙ මාරු කරලා වැඩක් නැහැ කියලා. ඒ වගේම කැලේ මාරු කළාට පුල්ලි මාරු වෙන්නේ නැහැ.රට විනාශ කරපු, ජාතික ආරක්ෂාව නැති කරපු, ආර්ථිකය විනාශ කරපු රූකඩ පාලකයෝ නම වෙනස් කරගෙන ආයෙත් එන්න හදන්නෙ. තව ඉංග්‍රීසි කියමනක් තියෙනවා අලුත් බෝතලයකට පරණ විස්කි දානවා වගේ කියලා.මේ ලෑස්තිවෙන්නේත් අලූත් බෝතලයකට පරණ අරක්කු ටිකම පුරවන්නයි. මොන විදියට නම වෙනස් කරගෙන ආවත් රූකඩ වැඩබැරි පාලකයන්ට රට භාර දෙන්න ජනතාව සූදානම් නැහැ.
අගරදගුරුතුමන්ගේ ප්‍රකාශයට රටේ නායකයන් ප්‍රතිචාර දක්වමින් තිබෙනවා. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ජාතිවාදී ආගම්වාදී විනාශයක් රට තුළ ඇතිවීම වැලැක් වූ සියලූ ජාතීන්ගේ ආදරයට පාත්‍ර වුණු අගරදගුරුතුමා කටුවාපිටිය දේවස්ථානයේ දී කරපු ප්‍රකාශය අල්ලාගෙන අගරදගුරු තුමන්ට ප්‍රහාර එල්ල කරනවා. දේවස්ථානයට ආපු මුහුණ පුරා පැලැස්තර අලවපු දරුවෝ දුටුවාම, ඇවිදගන්න බැරුව හිටපු ජනතාව දුටුවාම ඒ ජනතාවගේ වේදනාව තමන්ගේ වේදනාවක් කරගත්තු අගරදගුරුතුමා ඒ විනාශය නවත්වන්න රටේ පාලකයන් සැලකිලිමත් නොවුණු හැටි සඳහන් කළා.
රටේ ජනතාවගේ මතයත් එයයි. මාවනැල්ලේ බුදුපිළිම කඩන්නෙ කවුද කියන එක ආණ්ඩුව දැනගෙන හිටියා. බුද්ධි අංශය විනාශ කරලා තිබුණත් ඉතුරු වුණ බුද්ධි අංශය මේ විනාශය ගැන හෙළිදරව් කළා. අනිත් ජාතීන් මරාගෙන ස්වර්ගයට යන්න දේශනා කරන සහරාන් ගැන බුද්ධි අංශ රජයට දැනුම් දුන්නා. ආණ්ඩුව අවශ්‍ය අවස්ථාවේ, අවශ්‍ය පියවර ගත්තේ නැහැ. අඩුම තරමේ බුදුපිළිම කැඩිමේ සිද්ධිය සම්බන්ධයෙන් උසාවියේ චෝදනා ගොනු කළේ වත් නැහැ. පුපුරණ ද්‍රව්‍ය විශාල වශයෙන් අහුවෙන අවස්ථාවේදී පුහුණු කඳවුරු තිබුණා කියලා අහුවෙන අවස්ථාවේදී පාස්කු ප්‍රහාරයට පෙර ක්‍රියාත්මක වුණා නම් මේ ව්‍යසනය සිද්ධ වෙන්නේ නැහැ. ආණ්ඩුව විදෙස් බුද්ධි අංශ නොසලකා හැරියා. කාදිනල්තුමා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ. රටක් පාලනය කරන නායකයෝ විදිහට පෙන්නුවේ නොසැලකිලිමත්භාවයයි.
ජනාධිපතිතුමා කියනවා පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ මොන තරම් දේවල් කලාද කියලා. ඒ ප්‍රකාශය ස්වභාවික ව්‍යසනයක් සම්බන්ධයෙන් කළා නම් වඩා සුදුසුයි. මේ සිද්ධිය වුණේ රජයේ නොසැලකිලිමත්භාවය නිසයි. හරි නම් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කරන්න තිබුණේ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වුණු අගරදගුරුතුමාගෙන් හා කිතුණු ජනතාවගෙන් සමාව ඉල්ලා අස්වීමයි. මේ විදියට කතා කිරීම විශිෂ්ට නායකයෙක්ගේ ලක්ෂණයක් නෙවෙයි" යනුවෙන් මන්ත්‍රීතුමිය වැඩිදුරටත් සඳහන් කළාය.
කෂිනි හපුආරච්චි
