එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට එවා ඇති කසළ කන්ටේනර් සම්බන්ධයෙන් එරට පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි එරට පළවන ටෙලිග්රාෆ් පුවත්පත අනාවරණය කරයි.
එහි දැක්වෙන්නේ ප්‍රතිචක්‍රීකරණය සඳහා බ්‍රිතාන්‍ය සිට ශ්‍රී ලංකාවට එවන ලද කන්ටේනර් තුළ තිබී මිනිස් ශරීර කොටස් හමු වී ඇති බව ය.
එම පුවත්පත අනාවරණය කළේ, අදාළ කර්ටේනර් යළි බ්‍රිතාන්‍යයට යවන බවට ශ්‍රී ලංකා බලධාරීන් ප්‍රකාශ කිරීමත් සමඟ මේ සම්බන්ධයෙන් එංගලන්තය විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
මීට වසර දෙකකට පමණ පෙර ගෙන්වන ලද කන්ටේනර් 111 තැන්පත් කර තිබූ කොළඹ වරායේ අංගනයකින් අධික දුර්ගන්ධයක් වහනයවීම සම්බන්ධයෙන් සොයා බැලීමේදී මෙම තොරතුරු අනාවරණය වී ඇතැයි ටෙලිග්රාෆ් පුවත්පත අනාවරණය කළේය.
එහි සඳහන් වන්නේ එම කන්ටේනර් තුළ තිබී මෙට්ට සමඟ අතිශය උපද්‍රකාරී ද්‍රව්‍ය සහිත සායනික අපද්‍රව්‍ය, ප්ලාස්ටික් සහ මෙට්ට කොටස් සොයාගෙන ඇති බව යි.
භාවිත කරන ලද මෙට්ට ගෙන්වන මුවාවෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති මෙම කසල ද්‍රව්‍ය අතිශය උපද්‍රවකාරී බව මධ්‍යම පරිසර අධිකාරිය උපුටා දක්වමින් ද ටෙලිග්රාෆ් පුවත්පත අනාවරණය කළේය.
