උපාධිධාරීන්ට රැකියා ලබා දිමේ ජාතික ප්රතිපත්තියක් හදන්න මේ ආණ්ඩුවට බෑ - මහින්ද
වත්මන් ආණ්ඩුව බාහිර උපාධිධාරින්ට වෙනත් හැන්දකින් බෙදීම නිසා ඔවුන්ට රැකියාවක් ලබාගැනීමේ වයස් සීමාව ඉක්මවා යමින් තිබෙන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදි අද (24) පැවසීය.
රැකියා බලාපොරොත්තුවෙන් සිටින සියලුම උපාධිධාරීන්ට නව රැකියා අවස්ථා ලබාදීම සඳහා වත්මන් ආණඩුවට ජාතික ප්රතිපත්තියක් සකස් කර ගැනිමට නොහැකි වූ බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
නව රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් බලයට පත්වූ යහපාලන ආණ්ඩුව ගතවූ වසර 4 1/2 තුළ රැකියා අවස්ථා හාරලක්ෂ පනස්හතර දහසක් අහිමි කර තිබෙන බවද හෙතෙම පැවසීය.
ඒ අනුව වත්මන් ආණ්ඩුව වසරකදී ජාතියේ දරුවන්ට රැකියා ලක්ෂයකට වඩා අහිමි කර තිබෙන බවත්, රජයේ රැකියා ලබාදීමට නිවරැදි ස්ථීර වැඩපිළිවෙලක් ක්රියාත්මක නොකිරීම නිසා උපාධිධාරින් දැඩිලෙස අසරණ වි සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
ආණ්ඩුව රැකියා ලබාදුන්නේ නම් විරැකියාව අවම වි රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුවට විසඳුම් ලැබිමට ඉඩ තිබුණු බවත් ඔහු ප්රකාශ කළේය.

popular news
-
කපිල Wednesday, 24 July 2019 10:25 PM
උපාධිධාරීන්ට රජයේ රැකියා දෙනවා කියන්නේ රටේ ආර්ථිකය වල පල්ලට දානඑක. මහින්ද කලේ 700,000 තිබුන රජෙයේ සේවකයින් ගණන 1,400,000 දක්වා වැඩි කිරීම. බැසිල් ගත්ත සංවර්ධන නිලධාරීන් කාර්යාලයට යන්නේ සතියට බදාදා විතරයි. ඉතිරි දින වල තමන්ගේ බිස්නස් කරනවා. සමහර අය පුද්ගලික ආයතන වල වැඩ කරනවා. ඉතින් මොකරද තවත් ගන්නේ. කවුරුත් හිතන්නේ තමන්ගේ චන්ද ගැන විතරයි රටට හෙන ගැහුවත් කමක් නෑ.
Reply : 0 4
ටි ඉන්දික Thursday, 25 July 2019 09:59 AM
මෙයා රාජ්ය ආයතනලට පටවල පටවල හිතු මතේට වෙලා තියන හරිය මදෑ, විෂයය දැනුම ඇති අය ඇට ගණන් කරන්න..පුද්ගලික අංශයේ වෘත්තීය කේෂ්රවලට උපාධිධාරින් එන එක වැලැක්වුවා..නිර්මාණශිලි උපාධිධාරින් මොට කළා මෙයා කිරපු තක්කඩි ක්රමය නිසා..අද ඒ විනාශය පිරිමහන්න බැ..දැන් එන වා සුදනා වෙන්න
Reply : 0 12
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

