අපද්‍රව්‍ය ආනයනයට එරෙහිව ’’සුරකිමු ශ්‍රී ලංකා’’ විරෝධතාවක
මහා බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට උපද්‍රවකාරී අපද්‍රව්‍ය ආනයනයට එරෙහිව කොළඹ, බෞද්ධාලෝක මාවතේ පිහිටි බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී “සුරකිමු ශ්‍රී ලංකා” සංවිධානය අද (24දා) විරෝධතාවක් සංවිධානය කර තිබිණි.
එහිදී බ්‍රිතාන්‍යයෙන් නැවත ප්‍රතිඅපනයනය කිරිමේ පොරොන්දුව මත ශ්‍රී ලංකාවට එවන ලද මෙම කසළ කන්ටේනර් නැවත බ්‍රිතාන්‍යයට ගෙන්වාගන්නා ලෙස ඉල්ලමින් එම සංවිධානය විසින් බ්‍රිතාන්‍ය මහා කොමසාරිස්වරයා වෙත ලිපියක් භාර දෙනු ලැබීය.
එම සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියෝ එම අවස්ථාවේදී පවසා සිටියේ, අදාළ ලිපිය කොමසාරිස් කාර්යාලයේ කසළ කළමනාකරණය පිළිබඳ විශේෂඥ දැනුම ඇති ඉහළ නිලධාරියෙකු පැමිණ භාරගත් බවයි.
විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවක නිරත වූ පිරිස ලිපිය භාරදීමෙන් පසු එම ස්ථානයෙන් සාමකාමීව විසිර ගියහ.
ඡායාරූප - ඉසුරු පෙරේරා







popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

