අමාත්‍යාංශ ඇතුළු සියලු රජයේ ආයතන තුළ ඒකාබද්ධ භාණ්ඩාගාර මෙහෙයුම් පද්ධතියක් (ITMIS) ක්‍රියාත්මත කිරීමට මුදල් අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
මෙම මෙහෙයුම් පද්ධතිය පෞද්ගලික සමාගමක් විසින් නිපදවා ඇති අතර, මෙහෙයුම් පද්ධතියේ කිසියම් වෙනස්කමක් සිදුකරන්නේ නම්, එම පෞද්ගලික සමාගමේ සහාය ලබාගත යුතුව ඇත.
අදාළ මෙහෙයුම් පද්ධතිය සම්බන්ධයෙන් තවදුරටත් සොයාබැලීම් සඳහා තාක්ෂණික ඇගයීම් කමිටුවක් සහ ප්‍රසම්පාදන කමිටුවක් පත්කිරීමටත් එම කමිටුවල නිර්දේශ අනුව මෙම මෘදුකාංගය ලබාගැනීම සම්බන්ධයෙන් තීරණවලට එළඹීමට කැබිනට් අනුමැති හිමිව තිබේ.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.
