මහනුවර ඇසළ පෙරහරේ ආරක්ෂාව උපරිම ලෙස තහවුරු කරමින් මෙවරත් පෙර පරිදි සාර්ථක පෙරහර මංගල්‍යයක් පවත්වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසු අතර
පෙරහැරට අවශ්‍ය ආරක්ෂාව විධිමත් ලෙස තහවුරු කරන ලෙස මෙහිදී අගමැතිවරයා ආරක්ෂක අංශ ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.
මහනුවර ඇසළ පෙරහරේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන තිබෙන හා ඉදිරියේදී ගැනීමට නියමිත පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම වෙනුවෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ බහුකාර්ය ගොඩනැගිල්ලේදී අද (24) පැවැති විශේෂ රැස්විමකදී අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
සාකච්ඡාවෙන් අනතුරුව අගමැතිවරයා මල්වතු මහ විහාරයට ගොස් එම පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
අමාත්‍ය මලික් සමරවික්‍රම, ආරක්ෂක හා ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි යන මහත්වරුන් ද මේ අවස්ථාවන්ට එක්වූහ.
