ජිප් රථයක් දුම්රියක ගැටි වෛද්‍යවරයෙකු ඇතුළු දෙදෙනෙකු රෝහල් ගත කෙරේ
හබරණ පලුගස්වැව ගල්කඩවල ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය මාර්ගයක දී අද (24) දින ජිප් රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් වෛද්‍යවරයෙකු ඇතුළු තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි හබරණ පොලීසිය පවසයි.
මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ හබරණ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එම් .ඒ . අක්මීමන මහතා ඇතුළු තවත් සෞඛ්‍ය සේවකයන් දෙදෙනෙකු බව අනාවරණය වී තිබේ.
තුවාල ලැබුවන් හබරණ රෝහලට ඇතුළත් කොට ඇතැයි පොලීසිය පවසයි.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ මඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ උදය දේවි දුම්රිය සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වරයාගේ කාර්යාලයේ ජිප් රථය බව පොලීසිය සඳහන් කර සිටී.
දුම්රිය හරස් මාර්ගයේ ඉතා අනාරක්ෂිත ව පැවතීම සහ ආරක්ෂිත ගේට්ටු ක්‍රියාකරුවෙකු නොමැතිවීම නිසා මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
අනතුර සම්බන්ධයෙන් හබරණ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.

popular news
-
dilal Wednesday, 24 July 2019 06:53 PM
අඩුම තරමේ දුම්රිය හරස් මාර්ගවල රේල්පීලි හා සිල්පර කොටවල කහපාට හෝ සුදුපාට තීන්තවත් ආලේප කරන්න බැරිද ලොකු වැඩ වලට මුදල් නැත්නම්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

