saravita-anim2

2025 නොවැම්බර් මස 17 වන සඳුදා

2025 නොවැම්බර් මස 17 වන සඳුදා

Latest News - timelapse 10436 hours ago

LATEST

සහරාන් හෂීන් සමග සම්බන්ධයක් නෑ - හිස්බුල්ලා

calendar_today 2019 මැයි 01 - 20:03 remove_red_eye - 1208  

ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් හෂීන් සමග හෝ එහි අන්තවාදි සංවිධාන සමග කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, එම සංවිධානය සිදුකළ මරාගෙන මැරෙන ප්‍රහාරයන්ට තමන්ව ඈඳාගෙන කරන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පවසයි.

ජනතාවගේ ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව ඉතාම වැදගත් බවත් එය ලබාදිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය සමග බවත් ඔහු සඳහන් කළේය.

Read More

මාතර, වැලිගම, කඩේවත්ත ප්‍රදේශයේ ත්‍රිරෝද රථයකින් දමාගිය කඩුවක් සහ කිනිස්සක් අද (1) සොයාගත් බව වැලිගම පොලීසිය පවසයි.

Read More

වත්මන්ආණ්ඩුව නිසියාකාරව සිදු කළේ විදුලි කප්පාදුව සහ තෙල්මිල සූත්‍රය පමණක් බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අද (01දා) පැවසීය.ප්‍රභාකරන්ගෙන් මුදවා ගත් රට අනාගත පරපුරට ජීවත්වීමට සුදුසු පරිදි පවත්වාගෙන යා යුතු බවත්,ඊළඟ මැතිවරණයෙන් ආණ්ඩුවක් පිහිටුවා ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමට සූදානම් බවත් විපක්‍ෂනායකවරයා සඳහන් කළේය.

Read More

මුලතිව් අලම්පිල් ප්‍රදේශයේ යුද හමුදාව භාවිතා කරනු ලබන නිලඇඳුම් හා වෝකිටෝකි ඇතුළු උපකරණ රැසක් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ සෙබළුන් විසින් අද (01) උදෑසන සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී සොයාගෙන ඇත.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගේ ඡායාරූප හා විස්තර පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ

Read More

ගාල්ලමාපලගම විද්‍යාතිලක පිරිවෙණේ විහාරාධිපති මාපලගම ගුණසිරි ස්වාමීන් වහන්සේගේ මරණය සම්බන්ධයෙන් සැකපිට පන්සලේ වැඩ කටයුතු කරමින් සිට අතුරුදහන් වූ ලේල්වල ගුරුගේ ගුණදාස නමැති 75 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගත් බව වදුරඹ පොලීසිය පවසයි.

Read More

අන්තවාදි මතදරන සහරා හෂිම්ගේ නායකත්වයෙන් යුතු තවුහීද් ජමාන් ත්‍රස්තකල්ලිය දිවයිනේ ස්ථාන අටක සිදුකරගත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් සමඟ අනුරාධපුර පොලිස් කොට්ඨාසය තුල අද (01දා) අළුයම වනතුරු සිදුකල එකාබද්ධ මෙහෙයුම් වලදී සැකපිට තවුහීද් ජමාන් සංවිධානයේ නායක සහරා හෂිම්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ඉංජිනේරුවරයෙකු බංගලාදේශ ජාතිකයෙකු ඇතුළු පුද්ගලයන් අනූ දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සමන්තුරේ-චවලකඩේ-කල්මුනේ යන ප්‍රදේශවලට අද රාත්‍රී 9 යේ සිට හෙට අලුයම 5 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත.

Read More

කොළඹ පිටකොටුව ප්‍ර දේශයේ පැවැති අනවසර වෙළඳසැල් 150ක් පමණ ඉවත් කිරිමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

Read More

අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ සිය මුහුණු පොත වෙත නිවේදනයක් නිකුත් කරමිනි.

Read More

කාත්තාන්කුඩ් පොලිස් වසමේ නව කාත්තන්කුඩ්හි ඉදිවෙමින් පවතින මුහයිදින් ජූම් ආ මස්ජිදයේ ගොඩනැගිල්ලේ විසා නොමැතිව ලැගුම් ගෙන සිටි ඉන්දියානු ජාතිකයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව කාත්තාන්කුඩි පොලිස් ස්ථානාධිපති කස්තුරිආරච්චි මහතා පවසයි.

Read More

දිවංගත ජනාධිපති ශ්‍රිමත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ 26 වැනි ගුණ සමරු උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේ කොළඹ, අලුත්කඬේ රණසිංහ ප්‍රේමදාස පිළිරුව අභියස දී පැවැත්විණි.

Read More

පාරිභෝගික ජනතාව ඖෂධ මිලදී ගත් පසු සියලුම ෆාමසි වලින් බිල්පතක් නිකුත් කිරීම අනිවාර්යය බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

මාපලගම විද්‍යාතිලක පිරිවෙන් විහාරාධිපති මාපලගම ගුණසිරි (72) හිමියන්ට පහරදි ඝාතනය කර තිබියදි අද (01) උදෑසන සොයාගත් බව නාගොඩ පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම බොහෝ සෙයින් බිද වැටී තිබියදීත් , සංචාරකයන් පිරිසක් අද (01දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ

Read More

සියලු ආගමික ස්ථාන සහ පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීම පිණිස අවශ්‍ය පරිදි අතිරේක නිලධාරීන් යොදවන ලෙස ජනාධිපති මෛත්‍රීපා සිරිසේන මහතා ත්‍රිවිධ හමුදාපතිවරුන්ට සහ පොලිස්පතිවරයාට උපදෙස් දි ඇතැයි ජනපති මාධ්‍ය අංශය පවසයි.

Read More

කොළඹ වරාය නගරය කොළඹ දිස්ත්‍රික්කයේ හා බස්නාහිර පළාතේ පිහිටි රජයේ ඉඩමක් ලෙස ගැසට් කිරීමට නියමිතය.

Read More

පොලිස් විශේෂ කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව පොලීසිය හා ගුවන් හමුදා නිලධාරීන් එක්ව කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී අවිආයුධ තොගයක් හා සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ළමයා යනු අවුරුදු 18ට අඩු තැනැත්තෙකු ලෙසත් තරුණයා යනු අවුරුදු 18 හා 22 අතර පසුවන තැනැත්තන් තරුණයන් ලෙසත් අර්ථ කථනය කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

Read More

එහි පියවරක් ලෙස මගී ගමන් මළු හා භාණ්ඩ පරීක්ෂා කිරිමේ නවින තාක්ෂණයෙන් යුත් උපකරණ මිලදී ගෙන ස්ථාපිත කිරිමට සූදානම් වෙයි.

Read More

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම මාසික වේතනය රුපියල් 10000 සිට රුපියල් 12500ක් දක්වාත් දිනක වේතනය රුපියල් 400 සිට රුපියල් 500 දක්වාත් ඉහළ නැංවීමට අවශ්‍ය නීතිමය කටයුතු සිදුකිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබි තිබේ.

Read More

තුර්කියේ ක්‍රියාත්මක ත්‍රස්තවාදී සංවිධානයක අනුදැනුම මත ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යන අධ්‍යාපන, වාණිජ මණ්ඩල සහ වෙනත් ව්‍යපාරික සහ සේවා සපයන ආයතන කිහිපයක් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව ’අද’ට වාර්තා වේ.

Read More

හ්රාන් හෂීම් නැමැති පුද්ගලයාගේ සමීපතමයෙකු වන මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන්නැමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මුස්ලිම් පල්ලිවලින් හමුවන කඩු පිළිබඳව ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මුස්ලිම් ආගමි කටයුතු අමාත්‍ය එම්ච්.ඒ හලීම් මහතා සදහන් කළේ ඒවා ඇතැම්විට පල්ලි ආසන්නයේ පවතින කැලෑ සුද්ධ කිරීම වෙනුවෙන් ගෙන එන්නට ඇති බවයි.

Read More

තහනම් කර ඇති තව්හීද් ජමාත් සංවිධානයේ පල්ලි වලදි දේශන පැවැත්වූ බව කියන විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු මුන්දලම මදුරන්කුලිය විරුතෝඩේ ප්‍රදේශයේදි යුධ හමුදාව හා පොලිසිය එක්ව කළ සෝදිසි මෙහෙයුමකදි අද (30දා) දින අත්අඩංගුවට ගෙන තිබුණි.

Read More

ෆොනී සුළි කුණාටුව හෙට (01දා) චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන බවත්, එම සුළි කුණාටුව ලබන 04 වැනිදා ඉන්දියාවට ඇතුළු විය හැකි බවත් කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

දිවයිනේ ස්ථාන 08ක සිදු වූ පිපිරීම් ආශ‍්‍රිත සිදුවීම් මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ විශේෂ පරික්ෂණ මණ්ඩලය අපේ‍්‍රල් 22වන දා සිට එහි වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

Read More

අලුතෑපොල පුරාණ ගනේකන්ද විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරුණු විශාලතම දැවමය සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ අද (30දා) නිරාවරණය කෙරිණි.

Read More

ත්‍රස්ත මර්දන වැඩපිළිවෙළ සඳහා විදේශීය හමුදාවන් මෙරටට ගෙන්වීමට කිසිසේත් අපේක්ෂා නොකරන බවද ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.