අවසන් යුද්ධය පැවති මුලතිව් කරෙයිතුරෙයිපට්ටු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කල්ලපාඩු ප්‍රදේශයේ නැවත පදිංචි වූවන් වෙනුවෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ඉදිකරන ලද නව නිවාස 50ක් ජනතා අයිතියට පත් කිරීම ඊයේ (24) දින නිවාස ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.
කල්ලපාඩු ප්‍රදේශයේ උදයන්නගර් හා මාධවන් නගර් වශයෙන් ආදර්ශ ගම්මාන නම් කොට එහි විදුලිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරිමෙන් අනතුරුව රුපියල් මිලියන 102ක් වැය කරමින් මෙම ගම්මානයන් ඉදිකිරීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් පියවර ගෙන තිබුණි.
ඊට අමතරව පසුගිය කාලයේ මුලතිව්හි ගංවතුරින් විපතට පත්වූවන් වෙනුවෙන් රුපියල් මිලියන 81 ක්ද නිවාස ණය වශයෙන් රුපියල් මිලියන 21 ක්ද වශයෙන් නැවත පදිංචි වූ ජනතාව වෙනුවෙන් ලබා දි තිබුණි.
නව ආදර්ශ ගම්මානයේ විවෘත කිරිමේ අවස්ථාවට තවද දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.සිවමෝහන් මහතා මුලතිව් දිස්ත්‍රික්ක නිවාස සංවර්ධන අධිකාරියේ කළමණාකරු විජිත ගමගේ මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් සහභාගි වූහ.
