තලෙයිමන්නාරම, වැලිපර ප්රදේශයේදී නාවික හමුදාව විසින් සිදු කළ සෝදිසි කිරීමකදි නීතිවිරෝධී බීඩි කොළ කිලෝ 717 ග්රෑම් 82 ක් ඊයේ (23) දින සොයාගෙන ඇත.
තලෙයිමන්නාරම, වැලිපර 05 ත් 07 ත් අතර මුහුදු ප්රදේශය ආශ්රිතව උතුරුමැද නාවික විධානයට අයත් සෙබළුන් පිරිසක් විසින් සිදු කළ සෝදිසි කිරිමකදී මෙම බීඩී කොළ සහිත පාර්සල් 13ක තිබූ බීඩි කොළ කිලෝග්රෑම් 717.82ක් මුහුදේ පාවෙමින් තිබියදී සොයා ගැනිමට සමත් වී ඇත.
අදාළ නීතිවිරෝධී බීඩිකොළ තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන එන්නට ඇති බවට නාවික හමුදාව සැක පළ කරන අතර අදාළ බීඩිකොළ රැගෙන ආ පුද්ගලයින් කවුරුන්දැයි යන්න මෙතෙක් හෙළි වී නොමැත.
සොයා ගන්නා ලද බීඩිකොළ තොගය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට නාවික හමුදාව විසින් කටයුතු කරන ලදි.
මේ අතර පසුගිය 21 වන දින මන්නාරම, තාල්පාඩු වෙරළ තීරයේ නාවික හමුදා පුද්ගලයින් සිදු කළ සෝදිසි කිරිමකදි නීතිවිරෝධි බීඩිකොළ ජාවාරම් සිදු කරනු ලබන පුද්ගලයින් පස්දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් වී ඇත.
