දුෂ්කරතා මධ්‍යයෙහි කිසිදු පාසලක් පවත්වාගෙන යායුතු නෑ - අකිල
පහසුකම් සපිරි පාසල් පද්ධතියක් රට තුළ ස්ථාපිත කිරීම සඳහා මෙරට අධ්‍යාපන ක්ෂේත්රයට හඳුන්වාදෙන ලද විශාලතම ව්‍යාපෘතිය වන‘ළඟම පාසල හොඳම පාසල’ වැඩසටහන ක්‍රියාත්මක ව තිබියදීත් පහසුකම් රහිතව, විවිධ දුෂ්කරතා මධ්‍යයෙහි කිසිදු පාසලක් පවත්වාගෙන යාමට ඉඩ නොතැබිය යුතු බව අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කරයි.
ළඟම පාසල, හොඳම පාසල සංවර්ධන වැඩසටහන මඟින් පාසල්වල භෞතික හා යටිතල පහසුකම් මෙන්ම මානව සම්පත් සංවර්ධනය කිරීමට අවශ්‍ය පාසල් සමීක්ෂණය 2015 වසරේ දී සිදුකරනු ලැබූ අතර, ඒ සඳහා සියලුම අධ්‍යාපන කලාපවල සංවර්ධන හා සැලසුම් අධ්යක්ෂවරුන් අධ්‍යාපන අමාත්‍යාංශයට කැඳවා පාසල් තෝරාගැනීමට අදාළ නිර්ණායක හා උපදෙස් ලබාදෙන ලදී.
ඒ අනුව, ඔවුන් විසින් තෝරාදුන් පාසල් ‘ළඟම පාසල, හොඳම පාසල’ වැඩසටහනට ඇතුළත් කර මේ වනවිට සංවර්ධන කටයුතු සිදුකරමින් පවතී.
එහෙත් සංවර්ධනය කළ යුතු පාසල් හඳුනාගැනීමේ සමීක්ෂණය සිදුකර දැනට වසර පහක (5) පමණ කාලයක් ගත ව ඇති බැවින් එවකට සංවර්ධන අවශ්‍යතා නොපැවතිය ද, මේ වනවිට එවන් අවශ්‍යතා මතුව ඇති පාසල් නැවතත් හඳුනාගත යුතුව ඇත.
ඒ අනුව ඉදිරියේ දී ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ එම පාසල් ද සංවර්ධන කිරිමට පියවර ගැනීම සඳහා අදාළ පාසල් සම්බන්ධ තොරතුරු තමා වෙත වාර්තා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.
මේ වනවිට ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ දිවයින පුරා පිහිටි පාසල් 9,065ක, රුපියල් මිලියන 65,000ක මූල්‍ය ආයෝජනයකින් සංවර්ධන ව්‍යාපෘති 18,000ක් පාදකව සංවර්ධනය කාර්යයන් සිදුකෙරේ.
ඒ අතරින් වැඩ අවසන් කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව 12,000ක් වන අතර, නව ගොඩනැගිලි 900ක් මේ වනවිට ඉදිකිරීම් අවසන් කොට සිසු අයිතියට පත්කර ඇත.
කෂිනි හපුආරච්චි

popular news
-
Jeewantha Thursday, 25 July 2019 09:15 AM
thangalla balikawa yanu kalapaye thibena ekama balika pasalayi.ehi thibena demahal godanagillak bhawithayen iwath kara danata boho kal.usaspela lamunta pasale idak naha.usaspela awasan wasare laminta wara wibhagayata penisitima sadaha mewara 12 wasarata niwadu di atha.onna thathwe.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

