අභාවප්‍රාප්ත ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක, ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක මෙන්ම ගේය පද රචිකාවියක වූ කුසුම් පීරිස් මහත්මියගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවසන් ගෞරව දැක්වීය.
ඒ මහත්මියගේ දේහය තැන්පත් කර ඇති කඩවත, ඇල්දෙණිය නිවසට අද (24) පෙරවරුවේ ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ සියලුදෙනා වෙතත්, සහෝදර කලාකරුවන් සහ රසික රසිකාවියන් වෙතත් සිය සාතිශය සංවේගය පළ කළේය.
