බලපත්‍ර නොමැතිව අලි ඇතුන් පස් දෙනෙකු සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් අටදෙනෙකු නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණය නියම කළේය.
මෙහි දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප් පිරිස් මහතා ගෙන් මහාධිකරණය විමසා සිටියේ මෙම විත්තිකරුවන්ට ඇප ප්රදානය කිරීම සම්බන්ධයෙන් අනුමැතිය පල කරනවාද? යන්න.
මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ විත්තිකරුවන්ට ඇප ප්රදානය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා අනුමැතිය පළ කිරීමක් නොකරන බවත් ඔවුන් නඩුව අවසන්වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටියේය.
නීතිපතිවරයාගේ අනුමැතියකින් තොරව තමන්ට විත්තිකරුවන් වෙනුවෙන් ඇප ලබා දීමට තමන්ට බලයක් නොමැති බව සඳහන් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විත්තිකරුවන් නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කළේය.
ඉන් අනතුරුව නඩුව නැවත අගෝස්තු මස 02 වනදා කැඳවීමට නියම කෙරුණි.