තේ කර්මාන්තය රැක ගැනිම සඳහා රජය මැදිහත්වියයුතු බව කුඩා තේවතු හිමියන්ගේ සම්මේලනයේ ජාතික සංවිධායක ලාල් පේ‍්‍රමනාත් මහතා පැවසිය.
අමුදලූ මිල පහළ යැම නිසා තේ ගොවින් පත්ව ඇති තත්ත්වය සම්බන්ධව අද (24) මාතරදි පැවති මාධ්‍ය සාකච්ජාවකදි හෙතෙම මේ බව පැවසිය.
එහිදි අදහස් පළකල ඒ මහතා ,
‘‘ අමුදලූ මිල බරපතළ ලෙස පහළ වැටි තිබෙනවා. ඒ නිසා ලක්ෂ 5 ක් වෙච්ච කුඩා තේ වතු හිමියන් බරපතළ අර්බුදයකට ලක්ව තිබෙනවා. ඒ මන්ද පිරිවැයවත් සොයාගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ.
ආණ්ඩුව පැත්තෙන් මෙයට කිසිම මැදිහත්විමක් වෙලා නැහැ. පසුගිය කාලයේ තේ මණ්ඩලය, තේ පර්යේෂණ ආයතනය, සහ කුඩා තේවතු සංවර්ධන අධිකාරිය තේ ගොවියන්ගෙන් ඉල්ලිමක් කර තිබුණා අමතරව ආදායමක් ලැබිමට තේ වලට අමතරව ගම්මිරිස්, කරුදු වවන්න කියලා. ඒ අනුව ගොවින් මේ වගා දෙකටත් මාරු වි තිබුණා. නමුත් අද වෙද්දි තේ විතරක් නෙමෙයි කුරුදු ගම්මිරිස් මිලත් පහළ බැහැල තියෙනවා. පසුගිය දවස්වල අපි විරෝධතා කිහිපයක් කරා රජය මෙයට මැදිහත් වෙන්න ඕන කියලා. මොකද ආණ්ඩුව පිටරට පටවන සෑම තේ කිලෝ එකකින් රුපියල් 13.50 ක සෙස් බද්දක් අය කරනවා. මේ එකතුවි තිබෙන මුදල් රජයට වියදම් කරන්න පුළුවන් මේ අවස්ථාවේ
ආණ්ඩුව පැත්තෙන් තේ මිල අඩුවිමට හේතුව විදියට කියන්නේ ලෝක වෙළද පොළේ තේ මිල පහළ වැටිම කියලා. ඒකට රජය වගකියන්න ඕන. මේ වගේ වෙලාවක රජය කරන්න ඕන අසරණ තේ ගොවියන්ගෙන් තේ මිලදි අරගෙන නිසි කාලය ආපුවාම විකුණන්න, තේ කර්මාන්තය රැකගැනිම සඳහා කි‍්‍රයාකල හැකියි.
නමුත් එය කරන්නෙ නැහැ. ඩොලර් මිල මෙච්චර ඉහළ යද්දි රටවල් 144 ක තේ විකුණන්න හැකියාව තිබියදි ඇයි තේ මිල පහළ යන්නෙ කියලා ආණ්ඩුව කියන්න ඕන. ඒ නිසා රජය තේ ගොවින් රැකගැනිම සඳහා මැදිහත්විය යුතුයි. එසේ නොමැති නම් රටපුරා විරෝධතා ව්‍යාපාරයක් කරගෙන යාමට තේ ගොවින් සමඟ කටයුතු කරන බව අවධාරණය කරනවා” යනුවෙන් පේ‍්‍රමනාත් මහතා වැඩිදුරටත් පැවසිය.
මාතර - මහේෂ් මලවරආරච්චි
