රජය මගින් වතු කම්කරුවන්ට ලබාදෙන බවට පොරොන්දු වු රු 50ක දෛනික වැටුප සහ ඉඩම් අයිතිය ලබාදෙන ලෙස බල කරමින් වතු කම්කරුවන් පිරිසක් හැටන් නගර මධ්‍යයේ ඔරලෝසු කණුව ඉදිරිපිට අද (24) උද්ඝෝෂණයක නිරත වුහ.
අමාත්‍ය පලනි දිගම්බරම් මහතා නායකත්වය දරන කම්කරු ජාතික පෙරමුණ සහ කම්කරු ජාතික සංගමයේ සමාජිකයන් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය සහ වතු ඒකාබද්ධ වෘත්තිය සමිති අතර වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රු 750 දක්වා වැඩි කිරිමට දෙපාර්ශවයම විසින් අත්සන් කළ අවබෝධතා ගිවිසුමට අමතරව රජය මගින් රු 50ක වැටුපක් ලබාදෙන බවට පොරොන්දු වු බවයි උද්ඝෝෂණයේ නියැලි සිටි වතු කම්කරුවන් කියා සිටියේ.
වතු කම්කරුවන්ට වතු හාම්පුතුන්ගේ සංගමය විසින් වැඩි කල වැටුප ප්‍රමාණවත් නොවන නිසා වතු කම්කරුවන්ට රජයේ මැදිහත් විමකින් යම් සාධාරණ මුදලක් වැඩි කල යුතු බවට අමාත්‍ය මනෝ ගනේෂන් , අමාත්‍ය පලනි දිගම්බරම් , රාජ්‍ය අමාත්‍ය වි රාධාක්‍රිෂ්ණන් ඇතුළු දමිළ ප්‍රගිතශිලි සන්ධානයේ මන්ත්‍රිවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක යන මහතුන් සමඟ දිර්ඝ වශයෙන් කල සාකච්ඡාවේදි තේ මණ්ඩලය සංචිතයේ තිබෙන මුදල් වලින් වතු කම්කරුවන්ට දිනකට රු 50 ක අමතර වැටුපක් හිඟ මුදල් සමඟ ලබාදෙන බවට එහිදි රජය පාර්ශවයෙන් එකඟතාවය පළ කර තිබුණි.
එම රු 50 ලබාදිමට අමාත්‍ය නවින් දිසානායක මහතා විරුද්ධ වන නිසා ඔහුව අමාත්‍ය ධුරයෙන් ඉවත් විය යුතු බවටද උද්ඝෝෂණයේ නියැලි සිටි වතු කම්කරුවන් කියා සිටිහ.
එම එකඟතාවය ඇති කරගෙන දැනට මාස කිහිපයක් ගත වි ඇතත් තේ මණ්ඩලය සතු එම මුදල ලබාදිමට මේ වන විට වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා විසින් අකමැත්ත පළ කර ඇති බව උද්ඝෝෂණයේ නියැලි සිටි එම පක්ෂවල සමාජිකයන් පැවසිය.
රජය මගින් ලබාදෙන බවට පොරොන්දු වු රු 50 වැටුප ලබා නොදෙන්නේ නම් වතුකරය පුරා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කරන බවත්, උද්ඝෝෂණයේ නියැලි සිටි එම වෘත්තිය සමිති වල සමාජිකයින් පැවසිය.
හැටන් නගර මධ්‍යයේ උද්ඝෝෂණයේ නියැලි සිටි වතු කම්කරුවන් හැටන් නගරය හරහා පෙළපාළියකින් ද ගමන් කළහ .

