බලන්ගොඩ රාස්සගල ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික විදුහල්පතිවරයකු ගෙල කැපූ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 8 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය
එම විශ්‍රාම විදුහල්පතිවරයා ප්‍රතිකාර සඳහා බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර තිබේ.
මෙලෙස රෝහල් ගත කර ඇත්තේ බුලත්ගම ප්‍රදේශයේම පදිංචි 62 හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය පවසයි.
නිවසට ඇතුළු වී විශ්‍රාම විදුහල්පතිවරයාගේ ගෙල කපා පළා ගිය පුද්ගලයාගේ හිස් වැසුම එම නිවසේ වැටී තිබියදී පොලීසිය විසින් සොයා ගන්නා ලදී.
මෙම සැකකරු වෙනත් වැරදි සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව තිබූ සැකකරුවෙකු බව බලන්ගොඩ පොලීසිය පැවසීය.
