උතුරු මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වි ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිවුදෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් ඊයේ (24) දින නාවික හමුදා භාරයට ගෙන ඇත.
උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් මඟින් යාපනය කෝවිලම් ප්‍රදිපාගාරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කරනු ලැබු මුර සංචාරයක් අතරතුරදි නීතිවිරෝධි ලෙස උතුරු මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටියදි මෙම ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගෙන ඇත.
නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රාව ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කිරීමෙන් පසුව එම ධීවරයින් පිරිස වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කොට අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධිවර අධ්‍යක්ෂක වෙත භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගනු ලැබීය.
