saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 4262 hours ago

LATEST

ලොරි තට්ටුව වෙනස් කර ගංජා ඇද්ද අයෙක් මාට්ටූ

calendar_today 2023 ජන 23 - 12:28 remove_red_eye - 263  

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන විත් කල්පිටිය පුලච්චේන ප්‍රදේශයේ සිට ලුණුගම්වෙහෙර ට ලොරි රථයක රහසිගත ලෙසින් සගවා ප්‍රවාහනය කරමින් තිබු රුපියල් කෝටියකට ආසන්න කේරළ ගංජා තොගයක් නාවික හමුදාව විසින් අද (23දා) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

තම නිල කාමරය වට කර මරණ තර්ජන එල්ල කළේ සිය රැකියාව ගෞරවාන්විතව සිදු කරන කණිෂ්ඨ සේවකයන් නොවන බවත් තම කුඩු හා අයිස් අදායම කඩා වැටෙන බව දුටු කුඩු ගෝලයන් සහ තොප්පිය දාගත් ඇතැම් සුලු සේවකයන් බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ සභාපති රුක්ෂාන් බෙල්ලන මහතා (23) පැවසීය.

Read More

එම මධ්‍යස්ථානයෙහි වර්ග අඩි 14,101ක වපසරියක් පුරා ප්‍රදේශයකදී සැකසුණු මෙම පීසා එක, සුප්‍රසිද්ධ Pizza Hut සමාගමේ අදහසකි. පෙපරෝනි පීසා එකක් ලෙස මෙය සැකසී තිබේ.

Read More

යතුරුපැදියකට ඉඩ ලබා දිමට ගිය කුඩා ලොරි රථයක් පාලමේ ආරක්ෂිත වැට කඩාගෙන දිඹුල පතන ඩේවෝන් ඇලට පෙරලිමෙන් එම ලොරි රථයේ ගමන් ගත් රියදුරා සහ රිය සහයකයා බරපතල ලෙස තුවාල ලබා කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු තුවාල කරුවන් වැඩි දුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යවා ඇති බව දිඹුල පතන පොලිසිය පැවසිය

Read More

ඩුබායි ශ්‍රී සැඟව සිට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන කොළොන්නාවේ ධනුෂ්කගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන තේශාන් තරේන් නොහොත් යකඩ තරිඳු නැමැත්තා කියන්නේ ලක්ෂ දෙකකට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය හා මුදල් තොගයක් සමග ගොතටුවේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

Read More

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකුට අයත් වසර දෙකක කාලයක සිට වසා දමා ඇති වී මෝලක තිබූ රුපියල් ලක්ෂ හයකට වැඩි දේපොළ සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෙරේදා ( 22දා) විමර්ශනයක් ආරම්භ කළ බව කැකිරාව පොලීසිය පවසයි.

Read More

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සුළු, මධ්‍ය හා මහා පරිමාණ සියළුම කර්මාන්තකරුවන්ට ලබා දීමට නියමිත හිඟ බිල්පත් කඩිනමින් ගෙවීමට අවශ්‍ය පියවර ගනිමින් තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

තිස්ස ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ වගා කරන ලද කුඹුරු අක්කර 25000ක් ආශ්‍රිතව නෙමටෝඩා හා ගොයම් කහ වීම පවතින බවට මාධ්‍ය වාර්තාව පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

Read More

චීන රජය විසින් මෙරට වී ගොවීන් සඳහා ලබා දුන් ඩීසල් තොගය ගොවි ජනතාවට බෙදා හැරීමට රජයට රුපියල් මිලියන 122ක් වැය වෙයි.

Read More

නේපාල ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා අවසාන වශයෙන් තෝරාගෙන ඇති පුද්ගලයන් අතර ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද්ගේ නමද ඇතුළත් වෙයි.

Read More

සමුද්‍රදේවී සීග්‍රගාමී දුම්රිය කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදි අද (23) උදෑසන පීලි පැනීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවූ බව කළුතර දුම්රිය බළධාරින් සඳහන් කළේය.

Read More

හෙට ආරම්භවීමට නියමිත උසස්පෙළ විභාගයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1625ක් සේවයට යොදවා ඇතැයි පොලීසිය කියයි.

Read More

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙසට කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. ඔහු මේ බව පැසුවේ විභාග දෙපාර්තමේන්තුවේ අද (22) පැවති විශේෂ මාධ්‍ය හමුවේ දීය.

Read More

රුපියල් බිලියන 8-9ත් අතර ප්‍රමාණයක් යයි කියලා තමයි කියන්නේ. මම දැක්කා ඡන්ද කොමසාරිස් කාර්යාලයේ නිලධාරී මහත්මයෙක් කියලා තියෙනවා 2020 පැවැත්වුණු මැතිවරණයට ගෙවීම් කරලා ඉවර වුණේ 2021 දෙසැම්බර් කියලා. කවුරු හරි කියනවා නම් එක පාරටම රුපියල් බිලියන 9ක් වියදම් කරන්න ඕනී කියලා, ඒක පට්ටපල් බොරුවක්. එහෙම නෑ.

Read More

කොළඹ - නුවර ප්‍රධාන මාර්යේ වරකාපොල සිට අඹේපුස්ස දක්වා වූ කොටසේ කාපට් ඇතිරීමට නියමිත බැවින් 2023-01-24 වන දින සිට 2023-02-1 දක්වා කාලය තුළ ඒක් මංතීරුවක් පමණක් වාහන ගමනාගමනය සඳහා විවෘතව තබන බවට මාර්ග සංවර්ධන අධිකාරිය මගින් දැනුවත් කර ඇතැයි පොලීසිය පවසයි.

Read More

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) ශ්‍රී ලංකාවට තහනමක් කර ඇතිබව ලිඛිතව දන්වා තිබේ.

Read More

හෙරොයින් මත්කුඩු ජාවාරමේ නිරත පියා සහ දියණියක අත්අඩංගුවට ගැනීමට වාද්දුව පොලිසියේ දූෂණ මර්ධන නිලධාරීන් කණ්ඩායමක් සමත්ව ඇත.

Read More

යාපනය ශික්ෂණ රෝහලේදී පසුගියදා සිදුකල වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සාර්ථකව නිමවූ බවට රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය පී.සත්‍යමූර්ති මහතා පවසා සිටියේය.

Read More

නීල් ආම්ස්ට්‍රෝං සමග 1969 දී සඳ මත පා තැබූ දෙවැනි පුද්ගලයා බවට පත් වූ හිටපු ගගනගාමියා තම ට්විටර් හරහා විවාහ මංගල්‍යය නිවේදනය කළේය.

Read More

හෙටින් ආරම්භවන උසස්පෙළ විභාගය සඳහා විශේෂ ප්‍රවාහන සැලැස්මක් දුම්රිය හා ජාතික ගමනා ගමන කොමිෂන් සභාව එක්ව ආරම්භ කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් වසර දෙකක සහන කාලයක් ලබාදීමට චීනය එකඟ වී ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. ශ්‍රී ලංකාව චීනයෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් චීනය මෙම තීරණය ගෙන ඇතැයිද ඒම පුවත්පත වාර්තා කරයි.

Read More

රදැල්ලේදී පසුගියදා සිදුවූ මාරක අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් 06ක් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.

Read More

අගමැති ජසින්ඩා ආර්ඩෙන්ගේ ඉල්ලා අස්වීම ලබන මාසයේ ක්‍රියාත්මක වූ පසු පැසිෆික් දූපත් රාජ්‍ය තුළ කොවිඩ්-19 ප්‍රතිචාරයේ හිටපු ප්‍රධානියා මෙසේ අගමැති ධුරයේ වැඩ භාරගැනීමට අපේක්ෂාවෙන් පසුවෙයි.

Read More

නානුඔය රිය අනතුරේ බස් රථ රියදුරා පෙබරවාරි 01දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් නාලක සංජිව එදිරිසිංහ මහතා අද (22දා) නියෝග කළේය.

Read More

මෙවර පළාත් පාලන මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා එක්සත් ජාතික පක්ෂය හා ලංකා කම්කරු කොංග්‍රසය එක්ව තරඟ කිරීමට නාම යෝජනා භාරදී ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ලංකා කම්කරු කොංග්‍රසයේ මුදල් ලේකම් මරදපාණ්ඩි රමේෂ්වරන් මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවේ මූල්‍යකරණය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය අද (ජනවාරි 22) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත දන්වා සිටීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මේ සම්බන්ධයෙන් වන දැනුම් දීම චීනය විසින් ලිපයක් මගින් ජාත්‍යන්තර මූලය අරමුදල වෙත දන්වා සිටිනු ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12 ක් වෙනුවෙන් ඉදිරිපත් කළ නාම යෝජනා අයදුම් පත්‍ර 108 ක් අතරින් නාමයෝජනා 17 ක් ප්‍රතිකේෂප වී ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි නන්දන ගලබඩ මහතා පැවසීය.

Read More

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට දිනයේදී ආරමභ කිරීමට නියමිතව තිබේ. මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 331709ක් පෙනී සිටීමට නියමිතය.

Read More

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට තරග වැදීම සඳහා සැකසු අපෙක්ෂක නාම යෝජනා පත්‍රය සිරිකොත පක්ෂ මුලස්ථානයෙ අමතක වී පැමිණීමෙන් අදාළ නාම යෝජනා භාර දීමට හැකි වි නැති බව කියයි.

Read More

බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 18 ක් වෙනුවෙන් ඉදිරිපත් කළ නාමයෝජනා අයදුම්පත් 163ක් අතරින් දහයක් ප්‍රතික්ෂේපවූ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය පැවසිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.