කාන්තාවකට රු. 5000ක් පෙන්වා ලිංගික ක්‍රියාවකට එන්න කී චීවරධාරියා අත්අඩංගුවට
අනුරාධපුර පොලිසිය ඉදිරි පිට මාර්ගයේ පා ගමනින් ගමන් කළ කාන්තාවක් නවතා රුපියල් 5000ක් පෙන්වා ලිංගික ක්‍රියාවක් සඳහා ආරාධනා කළ චීවරධාරියෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, අඹගස්දෝව විට, එගොඩවත්ත, බදුල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන හිමිනමක් බව පොලිසිය කියයි.
අනුරාධපුර මහවිලච්චිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි කාන්තාවක් පොලිසිය පසු කරමින් කරමින් විලච්චිය බස් නැවතුම් පල දෙසට ගමන් කරමින් සිටියදී සැකකාර චීවරධාරියා පන්දහසේ මුදල් නෝට්ටුවක් පෙන්වා මෙලෙස ලිංගික ක්‍රියාවක් සිදු කිරීමට ආරාධනා කර ඇති බව පැමිණිල්ලේ සඳහන් ඇතැයි පොලිසිය කියයි.
එම අවස්ථාවේ ක්‍රියාත්මක වූූ පැමිණිලිකාර කාන්තාව අනුරාධපුර මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කර තිබූ අතර පොලිසිය විසින් එම ස්ථානයේ සිටි කාන්තාවන් තිදෙනකුගේ ද ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව එම චීවරධාරියා අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් චීවරධාරියා මත් ද්‍රව්‍ය භාවිතා කර ඇත්ද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එච්.ඒ. කරුණාතිලක මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඖෂධ පානය කර, අධික ලෙස මත් වී ඇති බවට වාර්තාවක් ලැබී ඇති බව පොලිසිය කියයි.
popular news
-
Samson De Silva Monday, 26 June 2023 03:29 AM
Boru kiyanna epaa. Hamuduruwo daathu penwanna kathaa karalaa thiyenne.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
