අවිස්සාවේල්ල නගර සභාවේ වැඩ බලන ලේකම්වරයා සහ ආදායම් පරීක්ෂකවරයා රුපියල් ලක්ෂ 4 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතා පැවසීය.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
පැමිණිලිකරුගේ ව්‍යාපාරික හවුල්කාරියට හිමිවිය යුතු අවිස්සාවේල්ල බස් නැවතුම්පොලේ නව වෙළෙඳ සංකීර්ණයේ නැගෙනහිර ඒ / 9 අංක දරන කඩ කාමරයේ උරුමය පවරා දීමටත් පැමිණිලිකාරියගෙන් පසු එම කඩ කාමරයේ පසු උරුමය පැමිණිලිකරු වෙත පවරා දීමටත් යන රාජකාරි කටයුතු ඉක්මනින් කරදීම සඳහා නගර සභාව තුළ දී අදාල අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කිය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ( විමර්ශන) ජේෂ්ඨ පොලිස් අධිකාරි ඒ එච් නුවන් අසංක මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.