ඊශ්රායලයේ රැකියා පෙන්වා මුදල් ගැරූ පුද්ගලයෙක් අත්අඩංගුවට
ඊශ්රායලයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු හලාවත වයික්කාල ප්රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු ඊශ්රායල් රැකියා ලබාදීම සඳහා පුද්ගලයකුගේ රුපියල් ලක්ෂ හතරක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදුන් බවට කාර්යාංශය වෙත පැමිණිල්ලක් ලැබී තිබිණි.
ඒ අනුව ක්රියාත්මක වූ කාර්යාංශ විමර්ශන නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන මෙහෙයවන ලදී. ඒ අතරතුරදී මරදාන පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන කාර්යාංශයේ විමර්ශන අංශය වෙත භාරදී තිබේ.
කාර්යාංශයේ අනුමත වලංගු රැකියා බලපත්රයක් නොමැතිව පුද්ගලයින් විදේශ රැකියා සඳහා බඳවා ගැනීම හා මුදල් වංචා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් සැකකරු 2023.06.23 දින මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අතර එහිදී මහේස්ත්රාත්වරයා විසින් සැකකරු දින දාහතරක් දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
යම් පුද්ගලයෙකුට හෝ ආයතනයකට විදෙස් රැකියාවක්ලබා ගැනීම සඳහා මුදල් හෝ විදේශ ගමන් බලපත්ර ලබාදීමට පෙර එම ආයතනයටවිදේශ රැකියා ලබාදීම සඳහා වලංගු බලපත්රයක් තිබේදැයි සොයා බලන ලෙස කාර්යාංශය රැකියා අපේක්ෂකයින් ඉල්ලා සිටී.කාර්යාංශයේ පැය 24 තොරතුරුමධ්යස්ථානය 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් හෝ www.slbfe.lk වෙබ් අඩවියට පිවිස එම තොරතුරු දැන ගන්නා ලෙසකාර්යාංශයදන්වා සිටී.
popular news
-
Kumar Sunday, 25 June 2023 02:03 PM
lungadima brithanyata hediyo yawanawa kiyala wunchakala wagak asannata labeyida.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

