තම නිවසේ තුන්වැනි මහලට විදුලි සෝපානයෙන් ගමන් කරන අතරවාරයේ එම විදුලි සෝපානය කඩා වැටීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය පී.එම්.පී.බී සිරිල් මහතා ජීවිතක්ෂයට පත්ව තිබේ.
සිරිබෝපුර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී මෙම අනතුර සිදුව ඇතැයි හම්බන්තොට පොලීසිය පවසයි.
විදුලි සෝපානය කඩාවැටීමෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ ගමන් ගත් ඔහුගේ රියදුරා ද බරපතල තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි. මිය යන විට ඒ මහතා 89 හැවිරිදි වියේ පසුවිය.