නවීකරණය කළ 80 ක්ලබ් ආයතනය විවෘත කෙරේ
පෞරාණික වටිනාකමක් සහිත ඉඩම් සහ ගොඩනැගිලි ජාතික උරුම කලාපයක් ලෙස සංර්ධනය කිරීමට සැලසුම් කර ඇතැයි නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා පවසයි.
සභාපතිවරයා පවසන්නේ මේ වනවිට එවැනි වටිනාකමක් සහිත ඉඩම් සහ ගොඩනැගිලි 35-40ත් අතර සංඛ්‍යාවක් කොළඹ හා තදාසන්න ප්‍රදේශ වලින් හඳුනාගෙන ඇති බවයි.
එවැනි ඉඩම් සංවර්ධන කටයුතු සදහා දිගුකාලීන බදු පදනම යටතේ ආයෝජකයන්ට බැහැර කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇති බව සභාපතිවරයා සඳහන් කරයි. එම ඉඩම් හා ගොඩනැගිලි සංවර්ධනය කිරීමේදී පෞරාණිකත්වයට කිසිදු හානියක් නොවන පරිදි ඒවා සංවර්ධනය කිරීම අනිවාර්ය බවද ඔහු පෙන්වා දෙයි.
නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා මේ බව කියා සිටියේ කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි “එයිටි ක්ලබ්” (80 CLUB) ආයතනය මහජනතාව වෙනුවෙන් විවෘත කිරිමේ අවස්ථාවට එක් වෙමිණි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ විෂය පථයට අයත් වන නාගරික සංවර්ධන අධිකාරිය සතු බත්තරමුල්ල වෝටර්ස් ඒජ් ආයතනය ඒ සඳහා පහසුකම් සලසයි.
“එයිටි ක්ලබ්” යනු කොළඹ පැරණිතම සමාජ ශාලාවකි. මහනුවර ක්වීන්ස් හෝටලයේ අංක 80 කාමරයේ සාමාජිකයන් කිහිප දෙනෙකු පළමු රැස්වීම පවත්වා ආරම්භ කිරීම හේතුවෙන් මෙම සමාජය “එයිටි ක්ලබ්” නමින් හැඳින්වේ. පසුකලෙක එය මෙලෙස කොළඹ 07 නිදහස් මාවතේ ස්ථාපිත කර තිබේ.
2020 වසරේදී මෙය රජයට පවරා ගැනීමෙන් අනතුරුව නාගරික සංවර්ධන අධිකාරිය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහය ඇතිව මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරුණි.
ප්‍රතිසංස්කරණ කටයුතු වලින් පසුව මෙය යළි විවෘත කෙරුණේ 2021 වසරේදීය. නව අවන්හල්, රැස්වීම් කාමර සහ පුද්ගලික සිනමා කාමරය ඇතුළු නවීනතම එකතු කිරීම් හරහා වර්තමානය වන විට අලංකාරවත් නිමාවක් එයිටි ක්ලබ් සඳහා ලැබී තිබේ.

popular news
-
Kumar Sunday, 25 June 2023 02:01 PM
mata maka hatiyata oya godangilla pawaragaththe srimavoge kalay. kalak yudahamudawa ema godanagilley sitiya bawa mathakayi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

