saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 4266 hours ago

LATEST

බස්නාහිර පොලිස් ලොක්කාගෙන් පොලිස්පති වාර්තාවක් ඉල්ලයි

calendar_today 2023 ජන 22 - 11:45 remove_red_eye - 553  

නීතිඥවරුන් කිහිප දෙනෙකුට එරෙහිව කෙසෙල්වත්ත පොලිස් ස්ථානය මගින් අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

බස් රථයේ තිරිංග පද්ධතියේ ඇති වු දෝෂයක් හේතුවෙන් බස් රථය පාලන කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදු වු බව බස් රථයේ රියදුරා පවසා ඇති බවත්, එහෙත් මෙම අනතුර පිළිබඳව ස්ථීර නිගමනයකට එළඹිය හැක්කේ මෝටර් රථ පරීක්ෂකවරයා පැමිණ සිදු කරනු ලබන විමර්ශණවලින් පසුව බවද පොලීසිය කියයි.

Read More

බණ්ඩාරගම කිදෙල්පිටිය ප්‍රසිද්ධ පැරැණි වලව්වක් කුලීපදනම මත ලබාගෙන පවත්වාගෙන ගිය, මහා පරිමාණ කසිප්පු ස්කාගාරයක් වටලා පුද්ගලයන් දෙදෙනෙක් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකි වූ බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19ක් සදහා පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධින කණ්ඩායම් 140 ක් නාම යෝජනා භාරදුන් අතර ඉන් නාම යෝජනා පත්‍ර 06ක් ප්‍රතික්ෂේපවී ඇති බව ගාල්ල දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි ශාන්ත විරසිංහ මහතා පවසයි. ඒ අනුව නාම යෝජනා පත්‍ර 134ක් පිළිගත් බවද හෙතෙම පවසයි.

Read More

පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ සැපයීමට අරමුදලක් විගමනික ශ්‍රමික දායකත්වයෙන් ආරම්භ කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබේ.

Read More

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන මැතිවරණයේ ඉදිරිපත් වූ නාම යෝජනා අතුරින් නාම යෝජනා දෙකක් ප්‍රතික්ෂෙප වූ බව දිස්ත්‍රික් තෙරීම්භාර නිළධාරී එච්.පී සුමණසේකර මහතා පවසා සිටි.

Read More

කුරුණෑගල මහ නගර සභාවේ 2023 වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැය වාර්තාව පරාජයට පත් වීමෙන් පසුව එය මහ නගර සභා ආඥා පනත උල්ලංඝනය වන ආකාරයට සම්මත කර ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා පියවර ගෙන ඇත.

Read More

කොවිඩ් සීමා ලිහිල් කිරීමෙන් පසුව චීන ජාතිකයන්ට රටින් පිටත සිදුකරන සංචාර සඳහා අවසර දීමට චීනය කටයුතු කර තිබේ. මේ අනුව චීනය පළමුවෙන්ම එම සංචාර ආරම්භ කිරීම වෙනුවෙන් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන එම නියමු ව්‍යාපෘතිය සඳහා තෝරාගත් රටවල් අතරට ශ්‍රී ලංකාවද එක්කර තිබේ.

Read More

කොළඹ - නුවර මාර්ගයේ දංඕවිට, හොරගස්මංකඩ හන්දියේදී අද සවස පෞද්ගලික මගී බස් රථයක් සහ ගෑස් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් ගැටීමෙන් බස් රථයේ ගමන් කළ මගින් 11 දෙනෙකු තුවාල ලබා වරකාපොල රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

2023.01.05 වන දින පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවට ලබා දුන් නිර්දේශ සම්බන්ධයෙන් එම කොමිෂන් සභාව ගත් කඩිනම් පියවර පිළිබදව මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය ප්‍රශංසාව පළ කළේය.

Read More

පළාත් පාලන මැතිවරණය මාර්තු 09 දා පවත්වන බව මැතිවරණ කොමිෂම නිවේදනය මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය. මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අද මධ්‍යාහ්න 12ට අවසන් විය.

Read More

නුවරඑළිය- තලවකැලේ මාර්ගයේ නානුඔය, රදැල්ල කෙටි මාර්ග කොටස තාවකාලිකව අද (21දා) සිට වසා දැමීමට පියවර ගෙන ඇති බව නානුඔය පොලීසිය පවසයි.

Read More

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සෞදි අරාබියේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. සෞදි විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරුගේ ආරාධනයකට අනුව සෞදි සංචාරයට එක්වන විදේශ අමාත්‍යවාය ජනවාරි 23දා සෞදිය බලා පිටත්ව යාමට නියමිතය. ඔහු ජනවාරි 27 දා දක්වා සෞදියේ සංචාරය කිරීමට නියමිතය.

Read More

මෙවර පළාත් පාලන මැතිවරණයේදි බදුල්ල මහ නගර සභාවට නගරාධිපතිධුරයට ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් නායක හිටපු පළාත් සභා මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න මහතා නාම යෝජනා භාරදුන් බව කියයි.

Read More

ඕනෑම අභියෝගයකට හා ඕනෑම බලවේගයකට ශක්තිමත්ව මුහුණ දී සමස්ත රට ජයග්‍රහණය කරන බවත් උතුරු නැගෙනහිර ඇතුළු පළාත් පාළන ආයතන 326 කට අත ලකුණින් තරග වැදී රටේ ජනතාව ජයග්‍රහණය කරවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (21) පැවසීය.

Read More

කුණ්ඩසාලේ උඩමළුව පුරාවිද්‍යා භූමියේ තිබූ සඳගල නැමැති පුරාවිද්‍යා වස්තුව සොරකම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

නුවරඑළිය, නානුඔය - රදැල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරින් ළමුන් තිදෙනෙක් මියගොස ඇති බව පොලීසිය පවසයි. මෙම අනතුරින් පුද්ගලයන් 7ක් මිය ගියේය.

Read More

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වත්මන් කාර්ය සාධනය පිළිබඳ විමර්ශනය සදහා ගරු මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) 2023.01.19 වන දින රැස්විය. එහිදි පහත සදහන් කරුණු කෙරෙහි අවධානය යොමුවිය.

Read More

විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන කිහිපයක් නියෝජනය කරන අධ්‍යක්ෂ මණ්ඩලය සහ නිලධාරීන් කැඳවා කරුණු විමසීම ජාතික සභාවේදී සිදු විය.

Read More

බේරුවල පාසලක 7 වසරේ සිසුවකුට රෝහල්ගතව ප්‍රතිකාර ගන්නා තත්ත්වයකට වේවැලකින් අමානුෂික ලෙස පහර දුන් බව කියන එම පාසලේ සැකකාරගුරු හිමි නමක් බේරුවල පොලිසිය මගින් අද (20) අත්අඩංගුවට ගත් බව කියයි.

Read More

සංචාරක වීසා මගින් කාන්තාවක් නිතිවිරෝධි ලෙස ඕමානයට යවා ඇයට රැකියාවක් නොලැබීම හේතුවෙන් ආපසු ගෙන්වා ගැනීමට රු.460,000.00 ක මුදලක් ලබාගත් කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන නිලධාරින් මගින් අත්අඩංගුවට ගන්නා ලදි.

Read More

අධ්‍යාපන චාරිකාවක් සදහා නුවරඑළියට ගොස් සිටි කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක්, වෑන් රථයක් හා ත්‍රි රෝද රථයක් ගැටී සිදුවූ අනතුරින් මියගිය සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

නානුඔය - රැදැල්ල මාර්ගයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් සිදුවූ අනතුරකින් හය ජීවිතක්ෂයට පත්ව ඇති අතර 40 ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

Read More

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස් සැගර්යාන් මහතා අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

Read More

විදේශගත වන ශ්‍රමිකයන්ගෙන් සියයට 56කගේ අධ්‍යාපන මට්ටම අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා පමණක් බව මානව හිමිකම් හා ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානයේ කුරුණෑගල ශාඛාව අනාවරණය කර සිටී. මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ සංක්‍රමණික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සහ සංක්‍රමණික සේවා ගිවිසුම් පිළිබඳ සිදු කරන ලද සමීක්ෂණයක් මගිනි

Read More

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අතර හමුවක් අද (20දා) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

Read More

හෙලිකොප්ටරය උඩ නග්ගනකොටම බිම වැටුණා. දැන් ඒකෙ තටු කැඩිලා යනුවෙන් හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

Read More

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා අතර “ද්වීපාර්ශ්වික සබඳතා, ඒකාබද්ධ ව්‍යාපෘති සහ ශ්‍රී ලංකාවට ලබාදෙන ඉන්දියානු සහාය” පිළිබඳ සාකච්ඡාවක් අද (20දා) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

Read More

මැතිවරණයට නාමයෝජනා දුන්නේ මැතිවරණය කල් දැමීමට නොව මැතිවරණය පැවැත්වීම සදහා බවත් මෙම පළාත් පාලන මැතිවරණයෙන් පසුව පළාත් සභා මැතිවරණයට පැවැත්වීමටද බලාපොරොත්තු වන බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

මෙවර පලාත් පාලන මැතිවරණයේ දී මාතර මහ නගර සභාවට ජාතික ජන බලවේගයෙන් තරග කිරීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (20දා) මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී වයි.වික්‍රමසිරි මහතා වෙත නාම යෝජනා භාර දුන්නේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.