ජාතික ඩෙංගු මර්දන ඒකකයේ සේවය කල වෛද්‍ය නිලධාරී වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) සමග එක්වෙයි.
එක්සත් ජාතීන්ගේ මානූෂීය කටයුතු පිලිබඳ සම්බන්ධීකාරක ( UN – Humanitarian Coordinator) වරයෙකු ලෙස වෛද්‍ය කොඩිතුවක්කු එහි ශ්‍රී ලංකා කාර්යාලයේ පත්වීම ලබා තිබේ.
ඔහු ඊයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් තාවකාලිකව සමුගත් බව පැවසීය .
වඩාත් නිර්මාණශීලී ලෙස මහජනතාවට සෞඛ්‍ය පණිවුඩ රැගෙන යමින් ඔවුන් තුල චර්යාත්මක වෙනසක් ඇතිකිරීමට පසුගිය කාල සීමාව පුරා මෙම වෛද්‍යවරයා කැපවී කටයුතු කළේය.
කෙසේ වෙතත් අත්‍යවශ්‍ය කටයුතුවලදී ජාතික ඩෙංගු මර්දන ඒකකයේ කටයුතු වලට සහාය වීමට එහි අධ්යක්ෂවරයා සහ සෞඛ්‍ය ලේකම්වරයා කල ඉල්ලීම අනුව එබදු අවස්ථාවල ඒ වෙනුවෙන් එක්වන බවද වෛද්‍ය කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කළේය.්