තරුණියක ලෙස මුහුණු පොතේ පෙනී සිටිමින් වයස අවුරුදු 14 බාල වයස්කාර පිරිමි දරුවෙකුට ලිංගික අතවර කළ බව කියන 24 හැවිරිදි පුද්ගලයා පිරිවෙනක ඉගෙනුම ලබා ඇති අතර එහිදී කලක් ලිංගික හිරිහැරවලට ලක්වූ අයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.
රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පිරිමි ළමයෙකු සමග මුහුණු පොත හරහා සම්බන්ධවී " නවෝද්‍යා " නමැති තරුණියක ලෙස පෙනී සිට ඇති මෙම පුද්ගලයා , එම ළමයා ගම්පහට ගෙන්වා ගනිමින් ලිංගික අතවර කොට සැගව සිටියදී ගම්පහ පොලිස් කොට්ඨාස කාන්තා හා ළමා අපයෝජන නිවාරණ කාර්යාංශය මගින් පසුගිය 22 වෙනිදින අත් අඩංගුවට ගනු ලැබීය.
ගම්පහ , මාකේවිට ප්‍රදේශයේ පදිංචි අවිවාහකයෙකු වන මෙම තැනැත්තා දැනට පෞද්ගලික ආයතනයක සේවය කරන්නෙකු බවත් පිරිවෙනක ඉගෙනුම ලබා ඇති මොහු කලක් විවිධ අන්දමේ ලිංගික අතවරයට ලක්වූ අයෙකු බවත් අනාවරණය වී යැයි පොලීසිය සඳහන් කරන අතර ඒ අනුව මොහු සම ලිංගික ඇසුරට යොමුවීම හේතුවෙන් බාල වයස්කාර පිරිමි දරුවන් සමග සම්බන්ධතා පවත්වා ඇති බවත් ප්‍රකාශ වී ඇති බවද කියයි.
මෙම පුද්ගලයා බාල වයස්කාර පිරිමි ළමයින් සමග ලිංගිකව හැසිරීම් රූපගත කොට ඒවා ප්‍රසිද්ධ කරන බවට බියගන්වමින් එම ළමයින්ගෙන් මුදල් ඇතුලු විවිධ දේවල් ලබා ගැනීම් සිදු කොට ඇති බවත් හෙළිවී තිබේ.
මෙම තැනැත්තාගේ ලිංගික අතවරයට ලක්වු 14 හැවිරිදි පිරිමි ළමයා දැනට ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
බාල වයස්කාර පිරිමි ළමයින් කිහිප දෙනෙකුම මෙම තැනැත්තා විසින් ලිංගික ක්‍රියාවන් සදහා යොදාගෙන ඇති බව අනාවරණය වී ඇති බැවින් එම ළමයින්ට ඉදිරිපත්ව පැමිණිලි කළ හැකි බවද පොලීසිය පවසයි.
තිලකරත්න දිසානායක