අස්වැසුම සමාජ සුබසාධන ප්රථිලාභ හිමිකම් පිළිබඳ අභියාචනා සහ විරෝධතා ප්රාදේශීය ලේකම් කාර්යාල වෙත භාර නොගන්නා බවට තලාව ප්රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණි පිරිස් චෝදනා කළහ.
මාර්ගගත ක්රමය ඔස්සේ එම අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කළ යුතු බවට නිළධාරීන් විසින් දැනුම් දුන් බව එම පිරිස් චෝදනා කර සිටිති.
අදාළ අයදුම්පත් පවා මුදලට විකුණන බවත්, 7 වසර දක්වා වත් පාසල් නොගිය තමන්ට ඒවා සම්පූර්ණ කිරීමට දැනුමක් නොමැති බවත් එම පිරිස් පවසති.
සමෘද්ධිය හිමි වූ තමන් අස්වැසුම වැඩසටහන හරහා ඉවත් වී ඇති බවත්, රජයේ රැකියා සහිත පුද්ගලයින් පවා අස්වැසුමට තේරී ඇති බවත් ඔවුන් හඩා වැළපෙමින් පැවසූහ.